
(කේ. බුද්ධික කුමාරසිරි)
වරෙන්තු කර සිටින හිටපු අමාත්‍ය නම්බුකාර හැළඹගේ රාජිත හරිස්චන්ද්‍ර සේනාරත්න යන අය තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අධිකරණයෙහි පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙහි නිළධාරීන් ඒ මහතාට අයත් මාලඹේ තලාහේන මුත්තෙට්ටුගොඩ පාර පිහිටි නිවසේ අද (21) දින දැන්වීම් ඇලවීමට කටයුතු කළේය.
විදේශීය සමාගමක් මගින් ඉල්ලුම් නොකළ ව්‍යාපෘති යෝජනාවකට අවධිමත්ව අනුමැතිය ලබා දීම සහ කැනීම් යාන්ත්‍රායක් අවධිමත්ව බදු පදනම මත ලබා දී ඇති බවට වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් නොතීසි නිකුත් කර ඇති හෙයින් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මෙලෙස දැන්වීම ඇලවීම සහ ප්‍රසිද්ධියේ ශබ්ද වාහීනී යොදා ගනිමින් දැනුම් දීම සිදු කරනු ලැබිණි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන අගෝස්තු 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (20) දින නොතීසි නිකුත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම නම්බුකාර කමක් නැහැ. 88,89 කාලේ මේ බය කාටද තිබුණේ? දැඩි දඬුවම් ලැබිය යුතුයි..
බම්බුකාර හැලපගේ…!
අපි දැක්කා වාහනවල ලවුස් පීකර් බැඳගෙන කියකිය යනවා..! හරියට පරණ බයිස්කෝප් එකක් වගේ...!
අර කොලුවගේ පස්ස පැත්තෙත් එකක් ඇලෙව්වා නම් හරි.
දැන්වීම සිංහලෙන් විතරක් අලවලා මදි. භාෂා කීපයකින් අලවන්න වෙයි. මිනිහා සිංහල කතා කළාට, ලියන්න, කියන්න බැහැ...
පෙලපත් නාමයේ දෙවන නමින් චරියාවට හේතුව පැහැදිලි වේ.
වාසගමටත් අවනම්බුවක්. පුත්තරයා ආණ්ඩුව පෙරළනකම් හැන්ගිලා ඉද්දි..