(රෝෂන් තුෂාර)
මාස දෙකකට අධික කාලයක් තිස්සේ අධිකරණය මගහැර සැඟව සිටියෙ යැයි වරෙන්තු ලද හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (29)නියෝග කළේය .
අල්ලස් කොමිසමේ ඉල්ලීම පරිදි අද උදෑසන මහාධීකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරු අධිකරණය මඟහරින බවට ඉදිරිපත් කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන විමර්ශනයට අදාළව අල්ලස් කොමිසම පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ විතරක් දාලා මදි.. මොවුන්ගේ දේපළ රාජසන්තක කර හෝ මේ මුදල් අයකර ගන්න කටයුතු කරන්න ඕනෑ... ලංකාවේ පවතින මේ හොරකම දූෂණය නැති කලොත්, මේ හම්බකරන වැටුප ඇති ජීවත් වෙන්න... දේශපාලකයින් වගේම රාජ්‍ය නිලධාරීන් විවිධ ආයතනවල සෑම රාජ්‍ය ආයතනයකම පාහේ කප්පම් හෝ අල්ලසක් නොදී තමන්ගේ කාර්යය කරගත නොහැකි තත්වයක් පවතිනවා, අන්න ඒ දුෂනයත් නැති කල යුතුයි.. ඒ වගේම රජය අත තැබීමට බියක් දක්වන පෞද්ගලික රෝහල් මාෆියාවෙනුත් ජනතාව මුදා ගැනීමට කරයුතු කිරීම වත්මන් රජයේ වගකීමක්..
කෝ මෙයා ගාව කොළපාට සුපර්මාර්කට් බෑග් එකක් නෑනේ. මට පේන්නේ සුපර්මාර්කට් එකත් මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කරලා වගෙයි....