
(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ගංගාරාම විහාරස්ථ සීමාමාලකයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන බව අද (13) දැනුම් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රාජිත සේනාරත්න මහත්වරුන් අතර " රාජිතගේ තීරණය" සම්මුතියට ද මෙහිදී අත්සන් කෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ රාජිත සේනාරත්න මහතා ද තමා මෙන්ම රැඩිකල් තීරණ ගැනීමට ඉදිරිපත් වන හෙයින් තමා සමග එක්වීමට තීරණය කළ බවයි.
ජනතා බලාපොරොත්තු අනුව ඉදිරියට යනවා නම් රටේ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුව ඇතැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා පැවසූයේ රනිල්ට තව වසර පහක් දුන්නොත් ලංකාව ලෝකයේ නූතන දේශයක් බවට පත්වන බවට කිසිම සැකයක් නැති බවයි.
ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් රට ගොඩනැගීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහාය දෙන බව කී රාජිත සේනාරත්න මහතා සැප්තැම්බර් 22 වැනිදා වන විට රටේ නියත ජනපති වන්නේ රනිල් බවට කිසිම සැකයක් නැතැයි කීය.
මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු ආගමික පූජකතුමන්ද,කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර,එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන,එජාප ජාතික සංවිධායක ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානී සාගල රත්නායක, එජාප ජාතික ලේකම් රවී කරුණානායක මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූපය:-
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහත්වරුන් ගංගාරාම සීමා මාලකයේදී සම්මුතිය අත්සන් කළ අවස්ථාව.
ඡායාරූපය:-ළහිරු හර්ෂණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරහ නොගිහින් හිනා ගිය අය ලයික් කරන්න.
නොදකින් මෙහෙමත් මිනිස්සු..!
දැන් රාජිතටයි, රෝහිතටයි කරට අතදාගෙන කලුතර කැම්පේන් එක කරන්න පුළුවන්. බලන් ඉන්න අයටයි ලැජ්ජ...
මාර ෂෝ එක...!
හැමෝටම අබ සරණයි...!
එකට ගෙදර යමු.., කලාතුරකින් රනිල්ට තිබුණේ ඡන්දෙ සේරම සජිත්ට...!
එයාලා දිනලා කියලා හිතුවට අපිනේ එයාලාව පරද්දන්නේ...!
මෙදා පාරත් කිඹුලා වන්නම සහ වඩිගපටුන නටවයිද දන්නේ නැහැ!
එක මල්ලේ ලුණු කෑ එවුන් එකට එකතු වෙන්නේ නැතුව වෙන මොනවා කරන්නද ?
රැඩිකල් තීරණ කියන්නේ බැන්කු කඩන වගේ ඒවාද?
රාජිත දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම වුවමනාවෙන් කැඳවා ගත්බව පෙනේ...!
රැඩිකල් තීරණ බලාගන්න පුලුවන් 22ට පස්සේ, මන්ත්‍රීලා හිතන් ඉන්නේ පනින පනින අතට ජනතාව ඡන්දෙ දේවි කියලා..!
මොවුන්ට ගිය රට. රනිල්ට තව අවුරුදු පහක් දෙන්න. ගෙවල් දොරවල් සේරම හිර ගෙවල් කරලා රටේ සෙනඟ. කුඩුවල ඉඳියි. කොයිතරම් අමාරුවකින්ද? මේ ජනාධිපතිවරණය පවත් වන්නේ... නාකින් ටික ගැට කීයක් ගැහුවාද? මෙවර ඡන්දෙන්. අවුරුදු 70 ක් කාපුවා වමාරන්න වෙයි. ඒ බයට රනිල්ව රජ කරවනවා. නාමල් බේබිත් බොරු රඟපෑමක් කරන්නේ. ඡන්ද ටිකක් එකතු කරන් ගිවිසුමකට එයි. ඉහළ තනතුරක් ගන්න අනුර කුමාරව ගේන්නේ රටට ආදරේ කරන දරුවන් ගැන හිතන බුද්ධිමත් ජනතාව. සරම් ගලවලා. කොටකලිසම් මහගන්න ප්‍රතිඵල කියනකොට. කීදෙනෙක්ගේ මොලේ විකුර්ති වෙයිද දන්නේ නැහැ බයට. රනිල්ට හිර ගෙදර ලොකු තනතුරක් ලැබෙයි...!
රනිල් ඊලඟ පාර රට කනවා මේ වගේ මිනිස්සු එක්ක.
පොහොට්ටුවෙන් 90 ආවත් කිසිම ඇග්රිමන්ට් එකක් නැහැ ,සිරිපාල ,අමරවීර ආවා .මොනවත් නැහැ .ඒත් බලන්නකෝ රාජිත එනකොට මල්මාලා දාලා ,පිරිත් කියලා ,ලොකුවට ගත්තා .අනික් එවුන්ට වස ලැජ්ජාව
මට හිනා වෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. රංගේ බණ්ඩාර අතුරුදහන් වෙලා. සියලු කොල්ලකරුවන් එහි වාඩි වී සිටිති.
රනිල් ට මෙච්චර දවසක් පච කිඹුලාගේ අඩුපාඩුව තමයි තිබුනේ , දැන් වජිරට පොඩි නිවාඩුවක් ගන්න පුළුවන්
කවුරු කෙසේ කීවත් රාජිත වැඩ්ඩා. කිසිවක් හොයා බලන්නේ නැති අය තමයි ඔය පිස්සු කියවන්නේ.., 69 ලක්ෂයේ අය... රට බංකොළොත් කරපු අය.