IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රාජිත අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

(රෝෂන් තුෂාර)

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී  රජයට පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද(27) පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම මෙසේ පැවසීය.

ධීවර වරාය නීතිගතව සංස්ථාවට ඉදිරිපත්කළ වැලි කැනීමේ ව්‍යාපෘතියක් නීති විරෝධීව විදේශීය සමාගමකට   භාරදී රජයට රුපියල් ලක්ෂ 263 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය  උපාලි ලියනගේ සැකකරු රුපියල් මිලියන පහ බගින් වූ ශරීර ඇප තුනක් යටතේ මුදා හැරීමට නියෝග කළාය.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළාය.

ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවට ද නියෝග කළාය.

විමර්ශන ප්‍රගතිය සැප්තැම්බර් 26 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අල්ලස් කොමිසමට නියෝග කළාය.



අදහස් (5)

රාජිත අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

nimal Friday, 27 June 2025 06:57 PM

දූෂණයට, අල්ලස් ලබාගැනීම්, අයථා ලෙස මුදල් සහ දේපල ඉපැයීම් සිදුකර නොමැති නම් නීතිය ඉදිරියට යාමට කිසිවකුට බියවිය යුතු නැත...

:       0       0

Chathuri Friday, 27 June 2025 06:57 PM

සිහිනෙන් ගැඹුරු සුවඳක් වගේ.... මිහිරී අතීතය ගෙව්වේ මේ තරම් ගොඩක් හොරා කාපු බව... අහුවෙනතුරු නැහැ දැනුනේ... දැන් ඉතින් මොනවා කරන්නද? ඉස්සර ගොබ්බ හොරෙක් හිරේ ගිය ගමන් නාකි මයිනා. එතැන බලන්න ගිහින් මෙන්න පලි ගන්නවා කියනවා. දැන් මයිනාත් කොරවෙලා වෙන දේවල්.... දකින කොට. දැන් ඉතින් ඉවරයි. තව අවුරුදු කීපයකින්. මැරිලා අපාගත වෙයි... දුප්පත් මිනිසුන්ගේ දේ. හොරා කාපු එවුන්ට දෙවියන්ගෙන් මොන වගේ දඬුවම් ලැබෙයිද? ලබන ආත්මේ මේ ගොබ්බ රැල මීහරක් කරත්තෙට බඳින ගොන්නු වෙනවාමයි. බර අදින්න ජීවිත කාලයම...

:       0       0

ලයන් Friday, 27 June 2025 07:10 PM

මේ තක්කඩි හොරා තාම එළියේ ඉන්න එක ගැන ජනතාව පුදුම වෙනවා...

:       3       23

පොඩිඑකා Friday, 27 June 2025 07:58 PM

මට බය කිඹුල් නඩුවට වුණු දේම වෙයිද කියලා...!

:       6       13

m. saman perera Saturday, 28 June 2025 01:03 PM

නැව් ගිලපු කිඹුලාට ඇතුලේම ඉන්න ලැබේවා...

:       4       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site