
(සුජිත් හේවාජුලිගේ)
රාජගිරිය හන්දිය ප්‍රදේශයේ ( ගුවන් පාලම ආශ්‍රිතව) දිනපතා උදේ වරුවේ ඇතිවන අධික රථවාහන තදබදය හේතුවෙන් කාර්යාල සේවක සේවිකාවෝ දැඩි දුෂ්කරතාවයන්ට පත්වෙති.
කාලයක පටන් පවතින මෙම තදබදයට කිසිදු විසඳුමක් ලැබී නැතැයි එම සේවික සේවිකාවෝ පෙන්වා දෙති.
අධික තදබදය හේතුවෙන් විශේෂයෙන්ම උදය වරුවේදී රාජගිරිය ප්‍රධාන මාර්ගයට නාවල සහ අනෙකුත් ප්‍රදේශවලින් (අතුරු මාර්ගවලින්) පිවිසෙන ජනතාවට පැය ගණන් රස්තියාදු වීමට සිදුවී ඇතැයි පෙන්වා දෙන එම සේවක සේවිකාවෝ මේ තදබදය හේතුවෙන් නියමිත වේලාවට රැකියාවන්ට යෑමට නොහැකිවීමෙන් විවිධ අපහසුතාවන්ට මුහුණ දෙන බවද ප්‍රකාශ කරති.
පාර්ලිමේන්තුව ඇතුළු රජයේ ආයතන රැසක් ඒ අවට පිහිටා ඇති හෙයින් කාර්යාල සේවක සේවිකාවන් දහස් සංඛ්‍යාත පිරිසක් අතුරු මාර්ගවලින් රාජගිරිය ප්‍රධාන මාර්ගයට පිවිසෙන බවද පැවසේ.
ගුවන් පාලමක් තිබුණ ද ප්‍රදේශයේ තදබදය කාලයක සිට දිගටම පවතින හෙයින් මේ සඳහා වහාම විසඳුමක් දෙන්නැයි ප්‍රදේශයේ ජනතාව රජයෙන් සහ පොලිස් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරති.
මේ සම්බන්ධයෙන් අප පොලිස් රථ වාහන මූලස්ථානය බාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ උදය වරුවේ එම ප්‍රදේශයේ යම් රථ වාහන තදබදයක් පවතින බව පිළිගන්නා බවයි.
එම තදබදය වැළැක්වීමට තමා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් මැතිවරණයෙන් පසුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
මැතිවරණ රාජකාරි හේතුවෙන් පොලිස් නිලධාරින් ප්‍රමාණවත් පරිදි රථවාහන රාජකාරියේ යෙදවීමට නොහැකිවී තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාවත් ඉස්සරහට රථවාහන තදබද අඩුවන්නේ නෑත. වැඩි වනවා මිස. ඕකට ගන්න පුලුවන් එකම ක්‍රියාමාර්ගය පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමයි. බස්රථ සදහා ප්‍රමුඛතා මංතීරුවක් ලබාදීම. කිසිදු බස් රථයකට කොට කොට යාම තහනම් කිරීම. නවත්වාගෙන සිටිම තහනම් කිරීම. එම ක්‍රියාවන් අධීක්ෂණය සදහා සිවිල් නිලධාරින් යොදවා එම නීති කඩකරන බස් රථවලට උපරිම දඩකොලයක් එම අවස්ථාවේ නැතිව සාක්ෂියක් සමග නිවසට එවීම. එවිට වෙනදාට පැය දෙකක් පමණ යන බස් ගමනට පැය බාගෙන් යා හැකි වීමෙන් කාර් රථවල යන මිනිසුනුත් බස් වල යාමට පටන් ගැනීම. එවිට තවත් රථවාහන ප්‍රමාණයක් මාර්ගයෙන් අඩුවීම. එවිට ඉන්ධන සදහා වැයවන ඩොලර් ප්‍රමාණයක් ඉතිරිවීම. සියලුම මිනිසුන්ගේ කාලය ඉතිරිවීම. වාහන අඩුවීමෙන් කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩුවීම. බලන්න කරනවනම් එක පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.
මොනොරේල් හොඳම විසඳුම් වලින් එකකි. මාලඹේ සිට කොටුව දක්වා අත්හැර දමා තිබූ මොනොරේල් ව්‍යාපෘතිය ඔවුන් නැවත ආරම්භ කිරීමට යන බව මට ආරංචි විය.
2024 දී සම්පූර්ණ කිරීමට නියමිතව තිබූ MRT රේල් project එක අතුරුදන් කළ වුන් මෙයට වග කිව යුතුයි.
මුලින්ම ඔය ගුවන් පාලම සැලසුම් කලෙ HSBC බැංකුව ලඟ ඉඳලා ආයුර්වේද හංදිය වෙනකම් ඉදි කරන්න. යහපාලනෙන් අනවශ්‍ය වියදම් කියලා පාලම කොට කළා.. අන්තිමට මාර්ග තදබදය වැඩි වුණා...
බස් මංතීරු නීතිය ක්‍රියාත්මක කරන්න ගොඩාක් විසඳුම් ලැබේවි..!
ඕක අයුර්වේද වටරවුමට ගේන්න තිබ්බා. කොහේද පලපුරුදු අයගේ අක්‍රමිකතාවක් නිසා පාලම කොට වුණා කියලා තමයි අවට ප්‍රදේශවාසීන් කියන්නේ...!
මොනොරේල් ඕන නෑ, ඔය තියන බස් ටික පිලිවෙලකට දුවෝපල්ලා, ගැමුණු ට ඕන විදියට නොකර.
ඕකට හොඳම විසදුම පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සහ පිට පළාත්වල ජනතාවට තමන් ජිවත්වන නගරය සහ පළාතෙම රජයේ කාර්යාල තුලින් තමන්ගේ සියලුම වැඩ කටයුතු කරගැනීමට කටයුතු සලසා දීම තුලින් කොලබට ගලන අනවශ්‍ය ජන ගග නතර කිරිම , නමුත් පසුගිය සියලුම රජයන් සහ නිලධාරීන් ඔවුන්ගේ බලය රැකගන්න , අල්ලස් ගැනීමට හෝ වෙනයම් කරුණු නිසා මේවා කලේ නැහැ , සැහැල්ලු දුම්රිය වියපෘති වැනි දේවල් අකර්මන්‍ය කලා බලමු ඉදිරියට මොකද වෙන්නේ කියල ,
කිරිබත්ගොඩ නගරයේ ඇති භයානක රථවාහන තත්ත්වය ගැන කිසිවෙක් කතා කරන්නේ නැත, පොලිසිය එය කළමනාකරණය කිරීමට උපරිම උත්සාහයක් ගත්තද, අපට වසර ගණනාවක සිට කාලය හා මුදල් අහිමි වේ.
මුල්ලේරියාව හන්දිය.. ටැෆික් පොලිස් නැ