( වසන්ත චන්ද්‍රපාල)
අම්පාර නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රිවරයෙකු විසින් තමන්ට ඉඩම් රාජකාරි කිරීමේදි ඇති කරන බාධාවන් නිසා අම්පාර නගරයේ ඉඩම් රාජාකාරි වලින් තමන් බැහැර වෙන බව අම්පාර ප්‍රාදේශිය මහ ලේකම් සිරිවර්ධන සොයිසා මහතා පැවසිය.
මෙයට අමතරව නිවාඩු දිනවලදි පැමිණ ඇදිරිනීති බලපත්‍ර නිකුත් කරන අතර එම සේවයෙන්ද ඉවත්විමට පියවර ගත් බව සදහන් කලේය.
ඉකුත් 29 වෙනි දින අම්පාර නවගම්පුර ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරිම සිදුකල අතර ඒ සදහා තමන් සහ අම්පාර නගරාධිපති චමින්ද සුගත් මහතා සහ නවගම්පුර ග්‍රාම නිළධාරිවරිය සම්බන්ධ වු බව පැවසිය.
ප්‍රාදේශිය ලේකම්වරයා හැටියට තමන්ට ලැබි ඇති බලතල අනුව මෙම ඉදිකිරීම් ඉවත් කල අතර එය නිත්‍යනුකුලව තමන් සිදුකර ඇති බව පැවසිය.
නමුත් මෙම අනවසර නිවාස ඉවත් කිරිම සම්බන්ධව උරණවු අම්පාර නගර සභාවේ පොදු පෙරමුණ් මන්ත්‍රි චාමර නිළංක මහතා විසින් මට සහ මගේ කාර්ය මණ්ඩලයට බැන වැදි කටයුතු කිරීම නිසා තමන් ඇතුලු ඉඩම් අංශයේ කාර්ය මණ්ඩලය ඊයේ 02 සිට අම්පාර නගර සභා බල ප්‍රදේශයේ ඉඩම් රාජකාරි වලින් ඉවත්වු අතර මේ පිලිබදව අම්පාර දිසාපති ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතාටද දැනුම් දුන් බව සදහන් කලේය.මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන රාජකාරි කරනතුරැ නැවත සේවය නොකරන බවද සදහන් කලේය.
පසුව අම්පාර ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයේ පරිපාලන නිළධාරි සුජීව විරසිංහ මහතා විසින් මේ පිලිබදව අම්පාර පොලීසියට පැමිණිලි කර තිබේ
දැනට මෙම සිදුවීම පිලිබදව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව අම්පාර පොලිස් ස්ථානයේ උසස් නිළධාරියෙක් පැවසිය.
දැනට මේ සම්බන්ධව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිළධාරින් ගෙන් කටඋත්තර ලබා ගන්නා අතර පසුව අධිකරණයට කරුණු වාර්තා කර මෙම මන්ත්‍රිනරයා අත් අඩංගුවට ගැනිමට කටයුතු කරන බවද සදහන් කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරුවා දුන්න ආත්ම විශ්වාසය තමා ඉතින්...
පිටකොන්දක් තියෙන රජයේ නිලධාරියෙක්...දෙකට නැමෙන පොලිසියක්, විපක්ෂයේ වුණා නම් කරෙන් ඇදගෙන ගිහින්...
ඔය පෙරමුණේ ඉන්න ඔක්කොම ගෝත්‍රිකයින් ඔහොම තමයි. මුන් දන්නේ ගස් බඩගාන්නයි, කුකුල්ලු හොරකම් කරන්නයි... චන්දෙ ඉල්ලාගෙන අපේ ගෙවල්වලට එනවා හිඟන්නන් වගේ...
අනේ....වාහනේ එහෙමත් අපහු බාරදිලද ?
ඕන එකටයි, එපා එකටයි ඇගිලි ගහන එක අපේ රටේ දේසපාලුවන්ගේ හැටිනේ... නූගත් දේසපාලුවෝ හිතාගෙන ඉන්නෙ උන් තරම් බලපුලුවන්කාරයෝ ලොවෙත් නැහැ කියලා...
දේශපාලු උත්තමයන් කියන විදිහට නිලධාරීන් කටයුතු කරන්න ඕන.
"පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රිවරයෙකු විසින් තමන්ට ඉඩම් රාජකාරි කිරීමේදි ඇති කරන බාධාවන් නිසා" නමුත් සහනාධාර බෙදන්න ගිහින් පොලිස් නිලධාරියෙකුට බාධා කල රන්ජන් රාමනායක පහුවදාම හිරේ.?