(යොහාන් භාසුර)

ඉන්ධන බෙදාහැරීමට බාධා කරන සහ සෙසු සේවකයන්ගේ වැඩවලට බාධා කරන හෝ අත්‍යාවශ්‍ය සේවා නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන ඛනිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ සේවකයන්ට එරෙහිව අවශ්‍ය ඕනෑම නීතිමය පියවරක් ගන්නා ලෙස උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එම සේවකයන්ගේ රැකියා අවසන් කිරීම සළකා බැලීමට අවශ්‍ය විනය පියවර ගන්නා ලෙස ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ථයේ සභාපතිවරයාට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.