IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රාජකාරියට බාධා කළ පොලිස් සැරයන් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මහරගම  පන්නිපිටිය ප්‍රදේශයේදී  කලහකාරිලෙස හැසිරි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට ද බාධා කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිනිදුම පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරියෙකි.

මහරගම පන්නිපිටිය  ප්‍රදේශයේ පුද්ගලයකු බීමත්ව කලාකාරී ලෙස හැසිරෙන බවට 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් අනුව මහරගම පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගැනීමට කටයුතු  කර තිබූ අතර එම අවස්ථාවේදී සැකකරු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ආවේගශීලීව හැසිරී තිබූ බව පොලිසිය කියයි.

පසුව සැකකරු පොලිසියට රැගෙන වී සිදු කළ විමර්ශනවලදී ඔහු හිනිදුම පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්  බවට අනාවරණය වී යැයි පොලිස් නිලධාරියකු පැවසීය.



අදහස් (0)

රාජකාරියට බාධා කළ පොලිස් සැරයන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site