
(යොහාන් භාසුර)
ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරිමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයන්ට බලපෑම් කරමින් එම සේවා අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයන් සහ එයට සහය දුන් සේවකයන් අනිවාර්ය නිවාඩු ගැන්වීම තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම සේවකයන්ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරිශ්‍රයන් සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවට පත්කර ඇති බවත් සෙසු නිලධාරීන් සේවයට වාර්තා කර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සහ අනෙකුත් සේවාවන් පවත්වාගෙන යාමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ඔක්කොම ගෙදරම යවන්න. රටෙ කිසි දෙයක් කරන්න දෙන්නෙ නැති ගොන් මෝඩ යුනියන් කාරයො JVP පෙරගමි එවුන්. මුන් තමා ඇත්තටම රට කන්නෙ.
නියමයි ඔක තමයි වෙන්න ඔන, සදහටම යවන්න වෘර්තිය සමිති කාලකන්නි, ජනතාව ගෙ බදු මුදල් විනාස කරන එවුන්.
දේශපාලන ත්‍රස්තවාදය,නිලදාරී ත්‍රස්තවාදය ට එහා ගිය පිරිසක් මේ වෘත්තීය සමිති වල ඉන්න ත්‍රස්තවාදී පිරිස.ජනතාව වෙනුවෙන් උද්ගෝසන කරනවා කියලා හැමදාම තමන්ගේ ගොට්ට පුරව ගන්න මිනිසුන් ව ඇපයට ගන්නවා.හොද හෝ නරක.දැන්.කෙක්කෙන් බැරි නම්.කොක්කෙන් හරී මේ කන්ඩායම් පාලනය කරන්න ඕන.අගමැති රනිල් නෙවේ දැන් ඉන්නේ විධායක ජනපති රනිල්.ඒ නිසා රනිල් ට අදාල නෑ එයා එතනට ආපු හැටි. මේ දුන්නේ සංඣාවක් පමනයි.
ඉතා හොඳ තීරණයක්. මේ යුනියන් කාරයෝ ලංකාව විනාශ කරනවා. ඔවුන් දේශපාලකයන්ට වඩා නරකයි.