(ජේ .ඒ .එල්. ජයසිංහ)
මධ්‍යමපලාත් ආණ්ඩුකාරවරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනි අයුරින් දරු දැරියන්ගෙන් මුදල් අයකර අමතර පංති පැවැත්වීම නිසා මධ්‍යම පලාතේ පාසැල්වල සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් 51 දෙනෙකු ඔවුන් සේවය කළ පාසැල්වලින් වෙනත් පාසැල් වලට ස්ථාන මාරු කර යැවීමට මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පියවර ගෙන තිබෙි.
මෙලෙස ස්ථාන මාරු කිරීමට ලක් කර ඇත්තේ මහනුවර අධ්‍යාපන කලාපය,හඟුරන්කෙත අධ්‍යාපන කලාපය, හැටන් කලාපය,වලපනේ කලාපය යන අධ්‍යාපන කලාප වලට අයත් විදුහල්වල ගුරුවර ගුරුවරියන් බව මේ සම්බන්දව විමසු අවස්ථාවෙි පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මෙිනක හේරත් මහතා කීය.
මෙම ගුරුවරුන් ළමුන්ගෙන් මුදල් අයකර තමන්ගේ පංතිවල ඉගෙනුම ලබන දරුවන්ට අමතර පංති පවත්වා උගන්වා ඇති බව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශණ නිලධාරින් සිදුකල විමර්ශණ වලදී අනාවරණය වී තිබෙන බවත් ඔවුන් උසස් පෙළ,සාමාන්‍ය පෙළ සහ ප්‍රාථමික පංතිවල ඉගෙනුම ලබන දරුවන්ගෙන් මෙලෙසමුදල් අයකර අමතර පංති වල උගන්වා ඇති බවත් පලාත් අමාත්‍යාංශ ලේකම් වරයා පැවසීය.
මෙම ගුරුවර ගුරුවරියන්ට එරෙහිව විනය පරීක්ෂණද පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකමි වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මද්‍යම පලාතෙ විතරක් නෙවෙයි, හැමතැනම මෙක සිද්ද වෙනව.
මාතර රහුලෙත් ඉන්නව බටහිර සංගීත ගුරුවරියක්. ඔක්කොම ලමයි එයාගෙ ටියුශන් යන්න ඔන. නත්නම් ඒ ලමයි වෙන විශයක් තොරගන්න ඔන.
සෑම පළාතකටම මේ නීතිය ක්‍රියාත්මක කල යුතුයි
ඉතා විශිෂ්ටයි .වයඹ පළාත් සභාවට ප්‍රණාමය .ඒ පළාතේ දෙමව්පියන්ට මොන තරම් අස්වැසිල්ලක් ඇද්ද ?නිකන් පුස් ඇමතියෙක් ඉන්නවා රටේ ,මේ වගේ දෙයක්වත් ක්‍රියාත්මක කරගන්න බෑ
කව්ද මේ thumb down කරපු එවුන්.
"රට පෙරට" මගේ නම් ප්‍රණාමය උතුරු පළාත් සභාවට!
ටියුෂන් හොරු මිසක් වෙන කවුද?
කොළඹ නගරයේ සමහර පාසල්වල ගුරුවරු ගුරුවරියන් කියලා නිකම්ද? රට පුරාවටම ඔය වගේ අය ඕනෑතරම් ඉන්නවා...!
අකමැති අයව හොයන්න NIB එකට දෙන්න. එතැනින් තව අයව හොයාගන්න පුළුවන්...
රාජකාරි වෙලාවේදී පෞද්ගලික රෝහල්වල සේවය කරන දොස්තරවරුනුන් අස්කරනවාද?