
(විමුක්ති එස් රුද්‍රිගු)
මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.
තමන්ගේ ජිවිතයට මරණීය තර්ජන එල්ල වීමත් වෘත්තීය ජිවිතයට අධික පීඩනයක් එල්ල වීමත් හේතුවෙන් තමන් දරණ සියලුම විනිසුරු පදවි වලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ටී.සරවනරාජා මහතා ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.
කුරුන්දි විහාරයට අදාල ආන්දෝලනාත්මක නඩුව විනිසුරු ටී.සරවනරාජා මහතා ඉදිරියේ විභාග වුණ අතර කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළ මූලික පරීක්ෂණද විනිසුරු ටී.සරවනරාජා මහතා ඉදිරියේදී සිදු කෙරිණ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සරල ලිපියක්...
මේ තමයි රට ගිහිල්ල තියන දුර. අධිකරණයට තර්ජන කියන්නේ සාදාරණය වලපල්ලට වැටිලා කියන එකයි. රට මේ තැනට පත් වුනේ හෝ පත්කළේ කවුරුන් විසින්දැයි කිවයුතුම නැත.
තවත් විග්නේෂ්වරන් කෙනෙක්...
අධිකරන තීන්දුව අසාධාරණ යැයි හැගෙන කෙනෙකුට සාධාරණය ලබා ගැනීමට ඉහල උසාවියට යෑමට හැකියාව තිබියදී ඵම විනිසුරුවන්ට විරුද්ධව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවාවී කෑගසන්නට හැකි නම් ස්වාධීන වන්නේ කෙසේද? මේ තත්ත්වය ඇති කලේ 1972 ව්‍යවස්ථාවයි. එය වෙනස් කිරීමට ජනතාවට අවශ්‍ය නැතිනම් හා එකදු පක්ෂයක්වත් ඒ ගැන කථා නොකරයි නම් කාට කියන්නද?
මේක පුද්ගලික කාරණයක් නෙවෙයිද?