(රංජිත් කස්තුරි)

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොරව කොළඹ රාජකීය විද්‍යාලයට නව විදුහල්පතිවරයකු පත් කර ඇතැයි ගුරු විදුහල්පති වෘත්තීය ඇමැති සන්ධානය චෝදනා කරයි.

ජාතික පාසල් 34ක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා අධ්‍යාපන ලේකම්වරයා අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කර ඇතැයි ද එම පුරප්පාඩුවලට ඉල්ලුම්පතක් හෝ ඉදිරිපත් නොකළ පුද්ගලයකු රාජකීය විද්‍යාලයට පත්කර ඇතැයි ද එම සමිති සන්ධානය චෝදනා කරයි.

දේශපාලන බලපෑම් මත අධ්‍යාපන ලේකම්වරයා මෙම පත්කිරී්ම් සිදුකරන බව ද එම සමිති සන්ධානය පවසයි.