( තිලකරත්න දිසානායක)

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගනිමින් ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට මිනුවන්ගොඩ, රෙජී රණතුංග ප්‍රාථමික විදුහලේ තරුෂ නෙත්සර ඩයස් සිසුවා සමන්ව ඇත.

මෙම දරුවාගේ වැඩිමහල් සහෝදරිය තනීෂා තරින්දි ඩයස් දැරිවියද මෙම විදුහලේම අධ්‍යාපනය ලබා 2020 වසරේදී 5 වසර ශිෂ්‍යත්වයෙන් ලකුණු 199 ක් ලබා දැනට කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන බවත් ඇයගේ සොයුරු මෙම තරුෂ දරුවාද ඉතා දක්ෂ සිසුවෙකු වන බවත් රෙජී රණතුංග විදුහලේ විදුහල්පතිනී තුෂාරි ප්‍රියන්ති මහත්මිය සදහන් කළාය.

තරුෂ ඩයස් සිසුවාගේ අනාගත අපේක්ෂාව ගුවන් නියමුවෙකු වීම බව අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

විදුහල්පතිනිය කියා සිටියේ මෙම විදුහලේ සිසු දරුවන් 98 දෙනෙකු මෙවර ශිෂ්‍යත්වයෙන් සමත්ව ඇති බවත්ය.

තරුෂ ඩයස් සිසුවාගේ මව වන නිලංකා මධුරංගනී මහත්මිය මිනුවන්ගොඩ, බුරුලපිටිය ජාතික පාසලේ තොරතුරු තාක්ෂණ අධ්‍යන ආචාර්යවරිය වශයෙන් කටයුතු කරන අතර පියා තාරක ඩයස් මහතා නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කරයි.