
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනපතිගේ ධුර කාලය පහද? හය ද?යනුවෙන් සාකච්ඡාවක් නිර්මාණය කිරීම සඳහා "මාලිගාව" ඇතුලේ කුමන්ත්‍රණයක් සිදුවෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සෙසු අදාල නීති මගින් අවශ්‍ය බවට පනවා ඇති පරිදි 2024 සැප්තැම්බර් මස 17 වන දින සිට ඔක්තෝබර් මස 16 වන දා දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම යෝජනාව ස්ථිර කළේය.
ජනාධිපතිවරණය ඔක්තෝබර් 17 සහ සැප්තැම්බර් 17 දක්වා කාලයේ පැවැත්විය යුතු බවට ව්‍යවස්ථාවේම සඳහන් වෙන නමුත් ජනපතිවරණය සම්බන්ධයෙන් ජනතාව තුළ සැකයක් නිර්මාණය වී තිබෙන බව අනුර දිසානායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මාලිගා කුමන්ත්‍රණ නොවෙයි, දේශපාලන පාඩදයන්ගේ වැසිකිළි කුමන්ත්‍රණ.
මාලිමාව ඇතුලේ නෙවෙයි නේ. එකපාරට දැක්කේ එහෙම
මැතිවරණේ නැතිවෙනවාට අනුරයියා සතුටුවෙන්න එපැයි... ඒක තියලා ඇප නැති කරගන්නවාට වඩා නම්බු පිටින් ගෙදර යන්න පුළුවන්නේ...!
ඒකනේ, නේද? අපි මේ පිට රටවල් වල ඉන්න අයට ටිකටුත් බුක් කරන්න කියලා, ඒ බූරු රැල ටිකට් බුක් කරලත් ඉවරයි.