
(රෝෂන් තුෂාර)
නිරූපණ ක්ෂේත්‍රයට බඳවාගන්නා බවට මුහුණු පොතේ දැන්වීම් පළ කරමින් තරුණියන් හෝටල් කාමර වෙත ගෙන්වාගත් නුවර රජවැල්ලේ හොර වෛද්‍යවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
තරුණියන් 15 දෙනෙකු පමණ රහස් පොලිසියට කළ පැමිණිලි අනුව අත්අඩංගුවට ගත් ප්‍රණීත් ලක්මාල් නමැති සැකකරු අද(14) රාත්‍රියේ කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මුහුණු පොතේ දැන්වීම් පළ කර ඇති සැකකරු රූමත් තරුනියන් නිරූපණ කටයුතු සඳහා බඳවා ගන්නා බවට ඒත්තු ගන්වමින් ඔවුන්ගේ ඡායාරූප හා වීඩියෝ ගෙන්වා ගෙන තෝරාගත් එක් එක් තරුණියන් සම්මුඛ පරීක්ෂණ සඳහා වෛද්‍යවරයෙකුට යොමු කර ඇත.
වෛද්‍යවරයා ලෙසද පෙනී සිට ඇති සැකකරු තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඔවුන්ට තර්ජනය කර විවිධ අතවර කර ඇති බවට විමර්ශන මගින් අනාවරණය වී ඇති බව රහස් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්මුඛ සාකච්ඡාවට ගිය දවසේම රෙද්ද ගලවාගෙන නිරුවත් ඡායාරූප ගන්න දීලා දැන් පොලිසි යනවා. කවුද වැරැදි…?