(නිමන්ති රණසිංහ)
හිටපු රේගු අධ්යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන අයවළුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) නියෝග කළේය.
අනුරාධපුර සදහිරුසෑයේ තැන්පත් කිරිම සඳහා කිලෝග්‍රෑම් 8 ක බරකින් යුත් රත්තරන් සමාධි පිළිමයක් නිර්මාණය කිරිමට ශ්‍රී ලංකා රේගුව සතු රත්තරන් ලබාදී සාපරාධී විශ්වාසය කඩ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොවුනට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
මෙම සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි මෙම සිද්ධියට අදාළව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද බුදුදහමට විරුද්ධව කට්ටියම වැඩ කරන හැටි. බලමු අපි මේවා කොතනින්ද කෙලවර වෙන්නේ කියලා ?
මේ රේගු නිලධාරීන්ගෙන් එක්කෙනෙක් නම් මං දන්නා හැටියට බොහොම අවංක කෙනෙක්. කොහොම වුනත් මේක තනිකරම ඉහලින් ආ නියෝගයකින් සිදුවුනා කියලයි මං හිතන්නේ. සිල් රෙදි නඩුවේ රජයේ නිලධාරීන් දෙන්නට වෙච්ච දේම තමයි මේ දෙන්නට වෙන්න ඇත්තේ. හැබැයි, අලුත් නීතිපතිට නම් මම හිස නමා අචාර කරනවා. පැරණි යට ගහපු නඩු එක එක ඇදෙනවා පක්ෂ පාට නොතකා.
නිවන් යන පිනක්නේ .....
අනිවාර්යයෙන්ම මේ දෙන්න ඔය රත්තරන් වලින් භාගයක් හොරෙන් පන්නන්න ඇති. මොකද මේ අයගේ වත්කම් හොයලා බැලුවොත් මේ අයගේ වත්කම් පඩිනඩි වලට සම කරන්න බැරි ප්‍රකෝටි ගණන් වෙන්න පුළුවන්...
පින් වුණත් නීති විරෝධී නම් දඬුවම් ලැබිය යුතුය. ඉහළින් අා නියෝගයක් නම් අපරාදේ. එහෙම වුනත් කරන විදියක් තියෙනවා. සියල්ල දැනුවත් කරලා ලිඛිතව බාරදෙන්න පුළුවන්...
මේ ඔක්කොම බුද්ධාගමට වෙන දේවල්. කොච්චිකඩේ පල්ලියට බෝම්බ ගැහුවයින් පස්සේ වරාය අධිකාරියට අයිති පර්චස් එකක් රුපයක් කෝටි දෙකහමාරක් වෙන පල්ලියටම යාබද පර්චස් හයක ඉඩමක් කොච්චිකඩේ පල්ලියට පූජා කරා (මම මේකේ වරදක් කියන්නේ නැහැ, හොද කටයුත්තක්) ඒකට වාරයේ අධිකාරියේ නිලධාරීන්ව මේ නීතිපති උසාවි ගෙනිච්චද? ඔය "සඳගිරි සෑය" පහුගිය ආණ්ඩුවෙන් හැදුවේ යුද්දේ දිනන්න වූ බාරයක් ඔප්පුකරන්න කියලා රටම දන්නවා. යුද්දේ අවසන් වුනු ප්රතිලාභ මේ ලගක් වෙනතුරුම සියලුම ජනතාව සමානව භුක්ති වින්දා. එහෙම එකේ ඒ සෑයට පූජා කරන්න පරිත්‍යාග කරපු දේට මේ දෙන අර්ථකථනය වැරදියි. ප්‍රශ්නේ තියෙන්නේ රජයෙන් අරන් පන්සලට දුන්නු දේ වැරදියි , යහපාලන ආණ්ඩුව රජයෙන්ම අරන් පල්ලියට දෙන දේ හරි. (පැහැදිලි කිරීම බුද්ධියෙන් විමසන මිනිසුන් සදහා මිසක දේශපාලන වහලුන් සදහා නොවේ)