(අජන්ත කුමාර අගලකඩ)
රාජසන්තක කර රේගුව භාරයේ ඇති වාහන පොලිසියට ලබාදෙන්නැයි අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ඇමති චමල් රාජපක්ෂ මහතා එම ඉල්ලීම කරමින් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් සංදේශයක් ද ඉදිරිපත් කර ඇත.
රේගුව විසින් රාජසන්තක කරන ලදුව මට්ටක්කුලිය වාහන අංගනයේ ඇති වාහන 229 ක් පොලිසියට ලබාදෙන ලෙස මෙලෙස ඉල්ලා ඇත.
පොලිසියේ රාජකාරී කටයුතුවලට ප්‍රමාණවත් තරම් වාහන නොමැති බැවින් ගැටලු රැසක් පැනනැගී ඇති නිසා, එය මගහරවා ගැනීම සඳහා මෙම වාහන ලබාදෙන ලෙස ඇමැති චමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද අදහසක් හොර පාරෙන් ගෙනාව වාහන නම් රාජසන්තකයි කියන්නේ රජය සතු දේපොළ.. ඒවා මහජන සේවය සදහා යොදා ගැනීම බොහොම හොද යෝජනාවක්... හැබැයි පරහකට තියෙන්නේ මේ වාහන මහජන සේවයට යෙදවීම කෙසේ වෙතත් රථගාය ඉහළින්ම වැළදිලා තියෙන්නේ ලොක්කන්ට, ලොක්කන්ගේ හාමිනේලාට ගෙදරට තේකොල ග්‍රෑම් 100, සීනි ග්‍රෑම් 250 ගේන්න කඩේ යන්න ගෙවල්වල තියේවි.. එතකොට ගෙදර ඉන්න කොල්ලෝ කුරුට්ටෝ ඉස්කෝලේ යන්න ගෙදර ඉන්න බලු නකුටව "කොන්දොස්තර" ලගට බෙහෙත් ගන්න යන්න. ඇත්තෙන්ම මෙය නිසිලෙස මහජන සේවයට යොදාගත හැකි නම් විශාල මුදලක් ඉතිරි කරගත හැක...
ඔය අදහසට මම එකෙන්ම එකග වෙනවා. කවුරු මොනවා කිව්වත් එම සියලු වාහන පොලිසියට ලබා දෙනවා නම්...
පොලීසියට ගැලපෙන වාහන රේගුවක තිබිය හැකිද? පොලීසියට අදාල කාර්යයන්ට ගැලපෙන වාහන, නියමිත ටෙන්ඩර් මගින් ලබා ගත යුතු නොවේද? මෙම වාහන, ප්‍රසිද්ද වෙන්දේසිය, විකිණීම හෝ වාහනයේ වර්ගය අනුව, සුදුසු රජයේ ආයතනයකට දීම සුදුසුයි.
මේ ආකාරයටම, නීති විරොධීව ගෙන්වා දැනට රඳවා ගෙන ඇති වියලි කහ ප්‍රමාණයට හැකි ඉක්මණින් ජනතාවට පරිබෝජනය ගත හැකි වන පරිදි වැඩපිළිවෙලක් සකසන්නේ නම් ඉතා හොඳයි. විෂබීජ නැසීමට ද භාවිතයට ගත හැකි කහ දෛනික අවශ්යතාවටවත් සොයා ගැනීමට නොමැති අතර, මේ වන විට වෙළඳ පොළෙහි සොයා ගැනීමට ඇත්තේ එක් එක් ද්‍රව්‍ය මිශ්‍ර කරන ලද අපිරිසිදු කහ කුඩු වන අතර ඒවා ද ග්රැම් 100 ක් රු. 300- රු. 500 වැනි ඉහල මිලකට පවතී. දැනට අත්අඩංගුවට පත්ව ඇති කහ තොගයන්, හැකි ඉක්මණින් වෙලඳපොලට නිකුත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග (හෝ නීති සැකසීම) ජනපති, පාර්ලිමේන්තුව හෝ කැබිනට් මණ්ඩලය අවධානය යොමු කළ යුතුය. එහි දී ඉතා අඩු මිලක් නියම කළ හොත් පසුගිය කාලයේ සැමන් පරිප්පු තොග පිටින් රැස් කළ ආකාරයකට සිදු විය හැකි බැවින් එසේ සිදු නොවීමට ගැරැම් 100 ක් රු. 200-300 වැනි මිලක් සුදුසු වන අතර, කුඩු කිරීමෙන් තොරව සැපයීම මඟින් පිරිසිදු කහ ලබා ගැනීමේ අවස්ථාව ද හිමි වනු ඇත. තවද ඉහත ආකාරයෙන් රජයට ලැබෙන ආදායම, කොරෝනා මර්ධන කටයුතු සඳහා යෙදවීමට ද හැකියාවක් ලැබේ.
අනේ මෙ අදහස හොදයි කියන එක බූරුවෙක්වත් දන්නවද මොනවද ඔය වාහන කියලා. ඔවා වැඩි හරියක් වී8 ලෑන්ඩ් කෘෘසර්, ඛෙන්ස් වගේ සුපිරි වාහන. ඔවා පොලිසියට වැඩක් නැහැ. ඒ අය එවා ගෙවල්වල තියාගනියි. පොලිසියට ගැලපෙන්නේ බාල තෙල් ගහන්න පුලුවන්, නඩත්තු වියදම් අඩු ඉන්දියානු වාහන.
චමල්ගෙ අදහස හොඳ එකක්, පොලිසිවල තියෙන එකම ජීප් එකත් OIC පුද්ගලික වැඩ කරන්න පාවිච්චි කරනවා. ඕවා ගෙඩි පිටින් දුන්නොත් ලොකු ලොක්කන් අවභාවිතා කරනවා අනිවාර්යයෙන්ම... ඕවා, සති දෙකක් තුළ වගේ වෙන්දේසි කරලා, ඒ සල්ලි වලින් සාමාන්‍ය පොලිසිවල පවතින බේසික් ටොයෝටා ඩබල් කැබ් වගේ ඒවා ටිකක් ලබා දිය යුතුය...