
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා රේගුව නව්‍යකරණය සඳහා ජාත්‍යන්තර මට්ටමේ ආයතනික සහාය සහ විශේෂඥ උපදෙස් ලබා දීමට සූදානම් බව ලෝක බැංකුවේ සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවැසීය.
ශ්‍රී ලංකා රේගුව නව්‍යකරණ වැඩපිළිවෙළ සම්බන්ධව මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක බැංකුවේ සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ලෝක බැංකු නියෝජිතයෝ මේ බව දැනුම් දුන්හ.
රේගු නව්‍යකරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම අරමුණු කර ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය ස්ථාපිත කර ඇති අතර, ඒ පිළිබඳව ලෝක බැංකු නියෝජිත කණ්ඩායමේ පැසසුමට ලක් වූහ.
එසේම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ ආයතනික සහාය සහ විශේෂඥ උපදෙස් ලබා දීමටත් ලෝක බැංකු නියෝජිත පිරිස එකඟතාව පළ කළ අතර, රේගු ආඥා පනත සංශෝධනය කිරීම සම්බන්ධවද අදහස් හුවමාරු කර ගැනිණි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව බදු ආදායම් රැස් කිරීමේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරන අතර, එම ආයතන රාජ්‍ය අධිකාරීත්වය තුළ පවත්වාගෙන යමින් දේශීය ආර්ථිකය ඉහළට ගෙන ඒමටත්, අදාළ ආයතන තුළ සිදුකළ යුතු ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක වෙනස්කම් හදුනාගෙන රජයට වාර්තා ඉදිරිපත් කිරීමත් අරමුණු කරගෙන ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය ස්ථාපිත කර ඇත.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ලෝක බැංකුවේ පුහුණු කළමනාකාර ෂාභි ඒ. මොහිබ් (Shabih A Mohib), ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ඩබ්. එල්. සී. තිලකසිරි යන මහත්වරු, රේගු නිලධාරීන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2037
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රේගුව අලුත් කරන්න විශේෂඥ උපදෙස්