IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


රාගම රෝහල් ආපනශාලාවෙහි ඖෂධ අලෙවි කිරීමක් හසුකර ගනී

( තිලකරත්න දිසානායක)

රාගම ජාතික රෝහලේ ආපනශාලාවෙහි ඖෂධ අලෙවි කරනු ලබන බවට ලද තොරතුරකට අනුව ආහාර හා ඖෂධ නියාමන අධිකාරිය කළ පරීක්ෂාවකදී ගැබිණියන්ට ලබාදෙන ඖෂධ වර්ගයක් තිබී අත් අඩංගුවට ගෙන ඇත.

ගැබිනියන්ට දරු ප්‍රසූතියේදී විරේකයක් ලෙස ලබාදෙන ඖෂධ වර්ගයක් මෙලෙස අලෙවිය පිනිස තිබියදී සොයාගත් බව ආහාර හා ඖෂධ නියාමන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ පරීක්ෂක නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර මහතා පැවසීය. 

ඖෂධ ශාලාවල පමණක් අලෙවි කළ හැකි මෙම ඖෂධ වර්ගයෙහි කුඩා බෝතල් 24 ක් අලෙවිය පිනිස ආපනශාලාවෙහි තිබියදී සොයාගත් බවද පරීක්ෂක වරයා කීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ බලයක් නොමැතිව ඖෂධ අලෙවි කිරීම හා ගබඩා කිරීම මත මෙහිදී ආපනශාලා භාරකරු අත් අඩංගුවට ගැනීම සිදු කළ බවත් සැකකරුට නියම කරනු ලබන දිනයේදී වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට යටත්ව බැදුම් කර මත මුදා හැරීම සිදු කළ බවත් ආහාර හා ඖෂධ පරීක්ෂක වික්‍රමසේකර බණ්ඩාර මහතා පැවසීය. 
 



අදහස් (0)

රාගම රෝහල් ආපනශාලාවෙහි ඖෂධ අලෙවි කිරීමක් හසුකර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site