IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


රංගන ශිල්පී ජැක්සන්ගේ මෝටර් රථයට වල් අලියකු ගැටෙයි

(උපුල් හේරත්)

ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර - තලාව  මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන් ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි තලාව පොලිසිය කියයි.

අනතුරත් සමග කැබ් රථය උඩට වල් අලියා ඇද වැටීමෙන් වාහනයට ද දැඩි හානි සිදුව ඇත.

රෝහල්ගත කෙරුණු ජැක්සන් ඇන්තනී මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රොහලට මාරු කළ බව අනුරාධපුර රෝහලේ ප්‍රකාශකයෙක් කීය.

අනුරාධපුරයේ ටෙලි නාට්‍යයක් රූගත කිරීමේ කටයුත්තකට සහභාගී වී නැවත අනුරාධපුරයට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ප්‍රවීන රංගන ශිල්පියකු වන ජැක්සන් ඇන්තනි මහතා සමඟ ගමන්ගත් සමන් ඇන්තනී හා ඉරේෂ් යන අයයි .

මොරගොඩ ප්‍රදේශවාසීන් හා තලාව පොලිසියේ නිලධාරීන්ගේ එකතුවෙන් මෙම තුවාලකරුවන් තිදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

 



අදහස් (32)

රංගන ශිල්පී ජැක්සන්ගේ මෝටර් රථයට වල් අලියකු ගැටෙයි

jaliya Sunday, 03 July 2022 12:50 AM

මයිනාට සෙත් පතන්නත් රාජපක්ෂ පවුල සහ රජය රැක ගන්නත් තියෙන අවසාන තුරුම්පුව වන "මූකලන් යාගය" කරන්න රෑ දොළහට අනුරාධපුරේ කැලෑ අස්සේ රිංගන්න යනකොට ඔහොම වෙනවා. දැන්වත් මයිනාට හොරෙන් කඩේ නොගියොත් හොඳයි.

:       74       37

Ranjan senevirathna Sunday, 03 July 2022 01:06 AM

ඉක්මන් සුවය ලැබේවා...!

:       11       45

BamunuarachchiMonday, 04 July 2022 10:52 AM

ඔව් ඔව් මමත් අලියාට ඉක්මන් සුවය පතනවා. අලියා බලන්න ඇති ඉස්පිරිතාලයකට යන්න පට්‍රෝල් නැති කාලේ තෙල් නාස්තිකරමින් කැලේ රිංගන එකා මොකාද කියලා.

:       0       0

Ajith Ranaweera Sunday, 03 July 2022 06:09 AM

වහාම රෝහල් ගතකර ප්‍රතිකාර දෙන්න, මේ ඉන්දන නැති කාලෙක කොහේ යනවද , අලි පාරට ඒම වලක්වන්න මහා කානුවක් කැපුවෙ , ඒත් අලි ඇවිල්ලා හැබැයි පස් ටිකනම් එක එක දේශපාලන කාරයෝ ඇදගත්ත කියලා තමයි ආරංචිය

:       0       0

ලුම්බිණි Sunday, 03 July 2022 06:42 AM

අලියට කරදරයක් නැහැ නේද?

:       0       0

Sandaruwan Perera Sunday, 03 July 2022 08:22 AM

අලියට කොහොමද දන්නේ නෑ නේද ?

:       0       0

Mo Sunday, 03 July 2022 08:49 AM

ජැක්සන් කියන තැනැත්තා වණික් (vanik) incorporation එකෙන් වාහන ලෝන් එකක් අරගෙන ඒකට පොල තියපු එකෙක්. අන්තිමට වණික් corporation බංකොළොත් වුණා. මේක කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත සමාගමකි. අලියාගේ පහරදීම රක්ෂණයට අයිති වන එකක් නෙමෙයි. ඕක තමයි කියන්නේ දිට්ඨධම්මවේදනීය කර්ම කියලා.

:       0       0

Tharanga Sunday, 03 July 2022 09:34 AM

අලියට මොකද වෙලා තියෙන්නෙ. ඒක ගැන කිසිම.සදහනක් නෑනෙ

:       0       0

kamal Sunday, 03 July 2022 09:50 AM

අපොයි පැජරෝ එක. හරි හම්ඹ කරපු දේවල් දුක් මහන්සියෙන් ....

:       0       0

P. D Goonawardena Sunday, 03 July 2022 11:02 AM

මුන්ට ඉස්පිරිතාල තියෙනව බේත් ගන්න....ඒත් අලියට කෝ....

:       0       0

MO77 Sunday, 03 July 2022 11:14 AM

මේකා (vanike) වණික් ඉන්කෝපරේෂන් එකෙන් වාහනයක් ගන්න ලක්ෂ 50ක ලෝන් එකක් ගත්තා 1990 දශකයේ අග භාගයේ දී. මූ එතකොට වැඩ කළේ එම ආයතනයට අනුබද්ධ ගුවන් විදුලි ආයතනයක. ඒක full lease එකක්. මේ හොරා සතයක් ගෙව්වෙ නෑ. පස්සේ මේ සමාගම බංකොලොත් වුණා. මෙම සමාගම කොටස් වෙළඳපළේ ලැයිස්තුගත සමාගම. ඒකේ පාඩුවත් ජනතාවටයි. මූ පට්ට හොරෙක්. දේශපාලඥයන් සමග යහන්ගත වෙලා කරපු හොරකම් ගැන මෙහි කියන්න ඕනෙ නෑ ජනතාව දන්නවා. මේකට තමයි කියන්නෙ දිට්ඨධම්මවේදනීය කර්මය කියලා.

:       0       0

ජගත් ලියනගේ Sunday, 03 July 2022 11:45 AM

අලියට කරදරයක් අනතුරක් නැහැ නේද ?

:       0       0

දාස Sunday, 03 July 2022 11:54 AM

අනේ, බේරගන්න හැම දෙයක්ම කරන්න...

:       34       55

Bamunuarachchi Sunday, 03 July 2022 12:33 PM

වල් අලියාටත් අමාරුද දන්නේ නෑ..?

:       9       67

nadeeyaa Sunday, 03 July 2022 01:31 PM

රටම ව්‍යාජ දුටු ගැමුණු කෙනෙකුට අන්දලා ජාතියක් අමාරුවේ දාලා බඩ වඩාගත්ත මිනිහෙක්.. වල් අලියට තේරිලා

:       0       0

සමන් Sunday, 03 July 2022 02:09 PM

මෙතුමා ඉතින් බුදු රජාණන් වහන්සේ ට තියෙන නෑකම් හොදින් දන්නා නිසා මේ හැප්පුනේ නාලාගිරි ඇතා වෙන්න බැරිද ?

:       0       0

ජුනයිඩ් නානා Sunday, 03 July 2022 02:33 PM

ඔබට ඉක්මන් සුවය පතනවා. කලාවට ඔබ කළ සේවය තක්සේරු කිරීම ඉතා අසීරුයි.

:       41       63

පිටිගල මිලානෝ Sunday, 03 July 2022 03:08 PM

අලියාට ඉක්මන් සුවය ලැබේවා…!

:       0       0

Sandun Sunday, 03 July 2022 03:37 PM

යන්වනම් දුටුගැමුණු ගෙ නැයාවත් අරන් යන්න.

:       0       0

තිස්ස Sunday, 03 July 2022 04:55 PM

තිදෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි...!

:       15       50

hesa Sunday, 03 July 2022 05:05 PM

පෞද්ගලිකත්වය රංඟනයට අදාලම නෑ, ඒ තැනැත්තාගෙන් සිනමා ක්ෂේත්‍රයට (කලාවට) රටට දෙයක් ලැබෙනවා නම්.... එතුමාට ඉක්මන් සුවය පතමු..!

:       20       52

නිහාල් Sunday, 03 July 2022 05:38 PM

අලියාගේ සෞඛ්‍ය තත්වය කොහොමද කියලා පරීක්ෂා කළේ නැද්ද?

:       10       48

ranjith Sunday, 03 July 2022 10:09 PM

මඩ සෝදා ගත්තු ගොවියෙක් රජකමටත් සුදුසුඉ ඒ මහා පොළොවේ මඩ. දේසපාලන නායකයන්ගෙන් තවරා ගන්න මඩ සෝදාගන්න පහසු නැත සමහර ඉහත ප්‍රතිචාර වලින් පෙන්නුම් කරන්නේ මේ බව. කෙසේඋවත් දක්ෂ කලාකරුවෙක් ඉක්මන් සුවය පතමි

:       0       0

arschfikaa Sunday, 03 July 2022 10:19 PM

කවුද ඔය ජැක්සන් ඇන්තනී කියන එකා? මයිකල් ජැක්සන්ගෙ සහෝදරයෙක්වත්ද? අනේ පලයන් බන් යන්ඩ. ඇඩ්‍රස් නැති එකෙකුට මහාලොකු කලාකාරයෙක් කියල මොකට කියනවාද? අර තමිල්නාඩුවෙ නිලිය මීනගෙ මිනිහ මලා කියල අපි මේ දුකෙන් ඉන්නෙ. එහෙනම් මූ මොන ‌කෙහෙල්මලක්ද ඔයි.

:       2       4

Achini Sunday, 03 July 2022 10:49 PM

මම කණස්සල්ලට පත්ව සිටින්නේ අලියා ගැන මිස මේ මිනිසුන් ගැන නොවේ...!

:       4       8

SAMAN Monday, 04 July 2022 01:27 AM

අනතුරට පත්වූ අලියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

:       2       14

රුක්මාල් Monday, 04 July 2022 05:59 AM

අසරණ සත්ත්වයා ගැන කණගාටුවක් ඇත..... රටක් ඇන්දවීමට කටයුතු කල, දහදිය හෙලූ, පිදේනි ගොටු ඇල්ලූ අයවලුන් ගැන කිසිදු කණගාටුවක් නැත්තේමය...

:       0       0

ranmuthu Monday, 04 July 2022 06:41 AM

ඉක්මන් සුවය...!

:       0       4

sharm warn Monday, 04 July 2022 09:58 AM

දේශපාලන වශයෙන් මම ඔහුට 100%ක් විරුද්ධයි. ඔහුගේ ප්‍රතිභාපූර්ණ රංගන හැකියාවට මම ඉතාම ගරු කරනවා. ඒ රංගධරයන්ගේ ඉක්මන් සුවය මගේ එකම පැතුමයි. අනිත් දෙදෙනාටත් ඉක්මන් සුවය පතනවා. හදවතින්ම... අපි දැනටමත් ලොකු වැටිල්ලක ඉන්නේ...

:       2       7

BamunuarachchiMonday, 04 July 2022 10:56 AM

අපි දැන් ලොකුම වැටිල්ලක නම් ඉන්නේ මේ හැප්පිල්ල ගැන මොකට කතා කරනවාද? ප්‍රතිභාපූර්ණ රංගන හැකියාවලු? හික්

:       0       0

kamal Monday, 04 July 2022 03:03 PM

පාටලිගෙ වාහනෙ හැපුනනම් රොහල් ඇදේදීම චෝදනා පත්තරෙ බාරදීලා.

:       0       0

Booba Monday, 04 July 2022 06:50 PM

දන්නේ නැති නිසයි අහන්නේ.. රටේ දොස්තර කෙනෙකුට, ලෙඩෙකුට, රෝහලකට යන්නවත් ඉන්ධන නැති වෙලාවේ මේ මහත්තයා අනුරාධපුරයේ ටෙලි නාට්‍යයක් රූගත කරන්න ගියේ කොහොමද? කෙසේවෙතත් ඉක්මන් සුවය පතමි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්
2025 මැයි මස 11 89 0

ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත


පළාත් රැසකට තද වැසි
2025 මැයි මස 11 17 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව


කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 1252 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 196 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 562 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 767 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1401 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 359 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site