(අංජුල මහික වීරරත්න)
ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දිගු කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය ගැන ලබන සඳුදා(3)විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
සියලු දෙනාගේ ප්‍රශ්න වලට එහිදී පිළිතුරු ලබා දෙන බව කී රංගේ බණ්ඩාර මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී සඳුදා පෙරවරු 10ට එම විශේෂ ප්‍රකාශය සිදුකරන බව සඳහන් කළේය.
තමා කළ ප්‍රකාශය ගැන විවිධ උදවිය විවිධ ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගෙන තිබෙන බව කී රංගෙ බණ්ඩාර මහතා සිරිකොත මන්දිරය ඉදිරිපිටට පැමිණි අති විශාල හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් උද්ඝෝෂණයක්ද කළ බව කීය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් පාලිත රංගෙ බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ පැරදිලා කිසිම ජනවරමක් නොමැති පුද්ගලයෙක් කියන කතාවල වටිනාකමක් තිබෙනවද ? ඡන්ද නොතිබොත් මිනිස්සු නැවත කොළඹ ඒවි ,
බලාගෙන ඉන්නෙ ඔය කියවිල්ල ඉවර වෙනකං තමයි අපි හැමෝම
මගේ දුව මැලේසියාවෙ තානාපති කාර්යාලයේ තුන්වෙනි නිළධාරිකම තවදුරටත් රැක දෙන්න කියල ඊලඟට පත්වෙන ජනාධිපතිගෙන් ඉල්ලා සිටිමි, ඔන්න ඕකයි ප්‍රකාශය.
වොඩ්කා, වතුර කරන්න වගේ ලෑස්තිය
ලොක්කා මේ පාර මොනවද කියන්න කිව්වේ ?රටේ දෙකෝටි පනස් ලක්ෂයක් උන්නට ලොක්කා විතරයි වැඩේ දන්නා එකම වැඩ්ඩා .ඒ නිසා නාඩිය වැටෙනකල්ම බලයේ තියාගමු කියලා කියන්න කිව්වද ?
කට හින්දලු මාලුවා නහින්නෙ කියලා කියමනක් තියෙනවා 2005 රනිල්ට ඉහලින් දිනන්න තිබුන ජනාධිපතිවරණය වෙලාවෙ පක්ෂයේ ප්‍රබලයෙක්ව සිටි මොරගොඩ උන්නැහේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කිව්වා ඇමරිකාවෙන් හමුදාව ගෙනවිත් හරි යුද්ධය අවසන් කරනව කියලා ප්‍රභාකරන් ඒකට හොදටම බයවුනේ ඒ කාලයේ ඇමරිකන් ජනාධිපති මොරගොඩගේ ළගම නෑයෙක් නිසා .ඉතින් ප්‍රභාකරන් රනිල්ට ඡන්දය දෙන්න තහනම් කලා එයින් වුනේ මොකක්ද රනිල් ඡන්ද ලක්ෂ එකහමාරකින් පමණ පරාජයට පත්වීම තමයි ප්‍රභාකරන් වගේ ත්‍රස්ත කල්ලි වලට සම්බන්ධ පිරිස් රනිල්ට කිසිම කැමැත්තක් නැහැ ඉතින් රංගෙ උන්නැහේ උනත් ඒක සිහියට අරගෙන කියන දෙයක් කියනවානම් හොදයි
බය නැතිව කියන්න .. මේක මගේ මහතැන කියන්න කිව්වා කියල . ඡන්දෙ කවදාවත් දිනපු නැති නිසා මේකත් දිනන්න බැරි බව දන්නවා . ඒ නිසා තමයි එහෙම කිවුවේ කියල කියන්න .
පොලිස් කොස්තාපල්
මූ වගේ හිඟන්නන් කොයි පක්ෂයකවත් ඉන්න හොඳ නැහැ
පක්ෂයක් කරලා උගත් බුද්ධිමත් කෙනෙක්ට ඔය තනතුර දෙන්න. මීට කලින් හිටපු මහලේකම්වරුන්ගෙන් සොයා බලන්නකෝ ඔබ වගේ අයද කියලා