IMG-LOGO

‘රෙගේ සංගීතය’ගෝලීය සංස්කෘතික වස්තු ලැයිස්තුවට



පෝට් ලුවීහිදීය (ඒ.එෆ්.පී)
 
ලෝ ප්‍රකට සංගීත ප්‍රභේදයක් වන ‘රෙගේ සංගීතය’ ‘ගෝලීය සංස්කෘතික වස්තු’ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (29) පියවර ගත්තේය.
 
එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත සංවිධානයක් වන එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, සංස්කෘතික හා විද්‍යා සංවිධානය එම තීරණය ගෙන තිබේ.
 
බොබ් මාලේ වැනි සංගීතඥයන් ස්තූතිවන්ත වන්නට ‘රෙගේ සංගීතය’ වඩාත් ජනප්‍රියත්වයට පත්විය. 
 
ජැමෙයිකාව කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ සංගීත ප්‍රභේදයක් වන ‘රෙගේ සංගීතය’ ‘ස්පර්ශ කළ නොහැකි සංස්කෘතික උරුමයක්’ බවත් එය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත් බව අදාළ තීරණය ගනිමින් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, සංස්කෘතික හා විද්‍යා සංවිධානය ප්‍රකාශ කර ඇත. 
 
ජාත්‍යන්තර දේශපාලනයේ අයුක්තිය සහ අසාධාරණය විරෝධය පළ කිරීමටත් ආධාරය සහ මානව දයාව ප්‍රවර්ධනය කිරීමේදී රෙගේ සංගීතය ලෝකයට විශාල දායකත්වයක් සපයා ඇතැයි ද යුනෙස්කෝ සංවිධානය සඳහන් කර තිබේ. 
 
මානව ප්‍රජාවගේ මනස්, හැඟීම් සහ අධ්‍යාත්මය අවදි කිරීම සහ සමාජ-දේශපාලන කරුණු ද රෙගේ සංගීතය තුළින් ආවරණය වී ඇතැයි ද යුනෙස්කෝ සංවිධානය පෙන්වා දී ඇත. 
 
(055)



අදහස් (0)

‘රෙගේ සංගීතය’ගෝලීය සංස්කෘතික වස්තු ලැයිස්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1797 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 578 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site