ඇමෙරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් ට කොවිඩ්-19 වෛරසය අසාදනය වී තිබේදැයි පරික්ෂා කිරීම සඳහා සිදු කරන ඇන්ටිජන් පරීක්ෂණය දෙවන වරට ධනාත්මක වී ඇතැයි ධවල මන්දිරය නිවේදනය කර තිබේ.
79 වියැති ජනාධිපති ජෝ බයිඩන් හට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණය ධනාත්මක වුවත් කොවිඩ් රෝග ලක්ෂණ නැවත මතුවී නොමැති බව එම නිවේදනයේ දැක්වේ.
ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් රෝග මර්දන එන්නත් මාත්‍රා දෙක සහ බූස්ටර් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති බව පැවැසෙයි.ජනාධිපතිවරයා රෝග ලක්ෂණ පෙන්නුම් නොකළත් නැවත වරක් ධවල මන්දිරයේ නිරෝධායනය වන අතර රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය.
සෙනසුරාදා දින සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණය ධනාත්මක වුවත් අඟහරුවාදා සවස,බදාදා උදෑසන,බ්‍රහස්පතින්දා උදෑසන සහ සිකුරාදා උදෑසන සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ සෘණාත්මක වූ බව ධවල මන්දිරය පෙන්වා දුන්නේය.
ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් රෝගය සඳහා ප්‍රතිවෛරස් ඖෂධයක් වන පැක්ස්ලොවිඩ් ලබා ගත් බව ධවල මන්දිරය පැවසුවේය.මෙය පැක්ස්ලොවිඩ් ප්‍රතිවෛරස් ඖෂධය ලබා ගන්නා සුළු පිරිසකට ඇතිවන තත්ත්වයක් බව වෛද්‍යවරු පැවසුවේය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රෝග ලක්ෂණ නැතත් බයිඩන් තවමත් පොසිටිව්