(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රේගු බහලුම් පරීක්‍ක්‍ෂණ අංගන තුළ තදබදයක් නිර්මාණය වී ඇති බවත් පසුගිය සතියේ පැවැති දින පහක දීර්ඝ නිවාඩුව එයට හේතු වී ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතා අද (7) පැවසීය.
සාමාන්‍යයෙන් දිනකට ආනයකින බහලුම් දහසක් පමණ ලැබෙන බව කී සුදත් සිල්වා මහතා පසුගිය දින 5 ක දීර්ඝ නිවාඩුවෙන් පසුව ජූලි 4 වැනි දින බහලුම් 1,289 ක් සහ ජූලි 5 වැනි දින බහලුම් 1,498 ක් ලැබී තිබුණු බව ද සඳහන් කළේය.
එම බහලුම් පරීක්‍ෂණ අංගන වෙත ගෙන ඒම අද ආරම්භ කළත් බහලුම් අංගනවල ධාරිතාව ඉක්මවා ඇති බවත් ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ කමිටු රැස්ව බහලුම් පරීක්‍ෂා කිරීම කඩිනම් කිරීම නිසා තදබදය හෙට වන විට අවස්න වනු ඇති බවට විශ්වාස කරන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රේගු බහලුම් පරීක්‍ෂණ අංගනවල තදබදයක්