(යොහාන් භාසුර)
රේගු නිලධාරීන් අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) පස්වරුවේ නැවත ආරම්භ කරන බව රේගු නිලධාරීන් සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.
රේගු නිලධාරීන් අද පෙරවරුවේ සාමාන්‍ය සේවා ආරම්භ කළ බවත් පස්වරු 4.45 ට වැඩ අවසන් කරන බවත් එම නිලධාරීයා සඳහන් කළේය.
රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නමින් මහජන බැංකුවේ ඇති රේගුවේ සියලු සේවකයන්ට අතිකාල, දිරිදීමනා සහ ත්‍යාග දීමනා ගෙවන ගිණුම මුදල් අමාත්‍යංශයට පවරා ගැනීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍යංශයට එම ගිණුම පවරා ගැනීමෙන් පසුව එම ගිණුම හරහා වන බොහෝ ගෙවීම් අත්හිටුවීමට හෝ ප්‍රමාදවීම වැලැක්විය නොහැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රේගු නිලධාරීන් අතිකාල සේවයෙන් ඉවත් වෙති
sakalan Monday, 18 March 2024 12:10 PM
මේත් මට්ටු කරන්න ඕන තවත් මාෆියාවක් තමයි. පගාව තෑගි මුදලට වඩා වැඩි නම් පගාව. තෑගි මුදල පගාවට වඩා වැඩිනම් තෑගි මුදල. මේක ප්‍රසිද්ධ රහසක්නේ. දොස්තර කෙනෙකුට අමාරු ලෙඩෙක් සනීප කළා කියලා තෑගි මුදල් ගෙවන්නේ නැතිනම්, ගුරුවරයෙක් අදක්ෂ ළමයෙක්ව සමත් වෙන තත්වෙට ගෙනාවා කියලා තෑගි මුදල් දෙන්නේ නැති නම් මොකටද මෙයාලාට තෑගි මුදල්? තමන්ගේ රාජකාරිය හරියට කරනවා නම් හොරෙන් රට ඇතුළට ගෙනෙන සියලු දේ මේ අය සොයාගත යුතුයි.
The Truth Monday, 18 March 2024 12:12 PM
හොඳ තීරණයක් ඕකුන් කරන මහ ලොකු සේවයක් නෑ. දැන් මේ ටික වැඩ හිතා මතාම කල් දමයි. අතිකාල නැතිව රාජකාරි කාලය තුළ පමණක් ඉවර කරන්න බෑ කියලා ඕක තමයි හැම එකකම වෙන්නේ...!
රංබොඩ Monday, 18 March 2024 12:34 PM
මහ බැංකුව බෙදාගත්තා වගේ බෙදාගන්න සේරම එයාලා ළඟම තියාගන්න තමයි දඟළන්නේ... මෙච්චර කාලයක් රස විඳපු කෑමනේ. IMF හොයා ගන්නකම් රටම දන්නේ නෑ. ඒ වගක්...!
T.A.Amin Monday, 18 March 2024 12:42 PM
කම්බ දූෂිත රාජ්‍ය සේවකයන් තවත් නැත...
Lal Monday, 18 March 2024 01:30 PM
මේ තවත් හොර ගුහාවක් ජනාධිපති තුමනි. මුන්ටත් දෙන්න හොඳ පාඩමක්.
විපරමා Monday, 18 March 2024 03:57 PM
රේගුව කියන්නේ හොර ගුහාවක්. රේගුවේ වැඩ කරන අයගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.
Prabha Monday, 18 March 2024 04:28 PM
මොවුන්ගේ අතිකාල ගණන් හදපුවාම 365 දවසේම පැය 24 වැඩකරලා. හැබැයි වැඩක් කරගන්න ගියාම වැඩට කෙනෙක් නැ.