(යොහාන් භාසුර)
රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නමින් පැවැති ගිණුමක් මුදල් අමාත්‍යංශයට පවරා ගැනීමට විරෝධය දක්වමින් රේගු නිලධාරීන් ක්‍රියාත්මක කළ ‘අකුරට වැඩ කිරීමේ’ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවූ බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා අද (20) පෙරවරුවේ පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රේගු නිලධාරීන්ගේ සංගමය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර ඊයේ පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුව එම තීරණයට එළඹි බවත් ඒ මහතා කීය.
අදාල ගිණුම මේ මස 31 වැනිදාට පෙර රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා යටතේ ස්වාධීනව ක්‍රියාත්මක වියයුතු බවත් එසේ නොකළ හොත් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසෙන බවත් අමිල සංජීව මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම ඒකාධිකාරය බිඳදමන්න බැරිද? රේගුවේ අය ගැන සමාජමතය මොකක්ද කියලා දන්නවා නොවේද? ඇඟපුරා ගඳ ගහන ජාතියක් විදියට... ඒක ඔප්පුකර පෙන්වනවා නොවේද?
රේගුව හොර ගුහාවක්... ඇයි ඒ අය ලංකාවේ නීතියට වඩා උඩින්ද...? අයින් කරලා දාන්න අලුතින් කට්ටිය ඕනෑතරම් ඉන්නවා එය අරමුදලට ඔච්චර කෑදර එක්තරා හොර ගුහාවක් ලංකාවේ තියෙන විශාලතම හොර ගුහා වලින් එකක් තමයි රේගුව...