
(බී.ජී. චතුරංග )
අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්කිරියාගම පොලීසියට අනුයුක්තව සේවය කළ , 41 හැවිරිදි සැරයෙන් වරයෙකි.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ ගල්කිරියාගම පදිංචි 27 හැවිරිදි තරුණියකි.
වින්දිත දැරිය, අඹ ගෙඩි රැගෙන ඒම සඳහා අසල නිවසකට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී දිය නෑමට යමින් සිටි මව විසින් දියණිය ත්‍රී රෝද රථයක නැගී ගමන් කරන අයුරු දැක සොයා බැලීමේදී මෙම සිද්ධිය අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.
මෙම සිදුවීම දැරියගේ මව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන තිබේ. අද (18) අධිකරණයට ඉිදිරිපත් කිරෙීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd