සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන් (වමේ) හා කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ
ලෝකයේ ප්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගම වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකාවේ 2023 වසරේ වඩාත් වටිනා සන්නාම 100 ශ්‍රේණිගත කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සන්නාමය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ කාණ්ඩ දෙකම ආවරණව සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයේ වටිනාම සන්නාමය ලෙස ශ්‍රේණිගත වී තිබේ.
බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් සෙලින්කෝ ලයිෆ් සන්නාමය සඳහා රුපියල් බිලියන 3.5 ක සන්නාම වටිනාකමක් ලබා දී ඇති අතර එය සාමාන්‍ය රක්ෂණ කාණ්ඩයේ ඉහළම ශ්‍රේණිගත සන්නාමයේ වටිනාකමට වඩා ඉහළ අගයක්ද ගනී. විශාලතම බැංකු, විදුලි සංදේශ සමාගම්, සමූහ ව්‍යාපාර සහ සිල්ලර වෙළඳපොළේ දැවැන්තයන් ඇතුළත් වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස්හි ‘ශ්‍රී ලංකා 100’ හි සමස්ත ශ්‍රේණිගත කිරීමේදී 27 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට සෙලින්කෝ ලයිෆ් සන්නාමය පැමිණ තිබේ.
එමෙන්ම, සෙලින්කෝ ලයිෆ් මෙම වසරේ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වෙතින් 'AA' සන්නාම ශ්‍රේණිගත කිරීමක් ද ලබාගෙන ඇත. එමගින් පිළිඹිබු වන්නේ අවම ණය අවදානමක් සහ මූල්‍ය වගකීම් සපුරාලීමේ ශක්තිමත් හැකියාවයි.
බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ලබාදුන් මෙම නවතම ශ්‍රේණිගත කිරීම පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, තුෂාර රණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. “ශ්‍රී ලංකාවේ වටිනා ම ජීවිත රක්ෂණ සන්නාමය ලෙස අපව නිරන්තරයෙන්ම පිළිගැනීමට ලක්වෙනවා. මෙරට මුහුණ දී ඇති අභියෝග හේතුවෙන් සන්නාම වටිනාකම්වල සමස්ත පහත වැටීමක් දක්නට ලැබුණු මෙවැනි වසරක සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානයට පැමිණීම මගින් පැවසෙන්නේ, සන්නාමයේ චිරස්ථිතියයි. මෙය සෙලින්කෝ ලයිෆ් සන්නාමය පාරිභෝගිකයන් අතර විශ්වාසය අඛණ්ඩව ගොඩනගා ඇති බව තහවුරු කිරීමකි.”
‘සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකා 100 හි ජීවිත රක්ෂණ කාණ්ඩයේ ඉහළම ශ්‍රේණිගත සන්නාමය ලෙස තම ස්ථානය රඳවා ගැනීමට සමත් වූ අතර ජීවිත රක්ෂණ සමාගම් අතරින් සෙලින්කෝ ලයිෆ් සන්නාම වටිනාකමෙහි අඩුම පහත වැටීම (2022 මූල්‍ය වර්ෂයට සාපේක්ෂව -9%) වාර්තා කර ඇත’ යැයිද බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් පවසයි.
595
ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට පසුගිය දා හැකි
නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.
ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.
රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.
ශ්රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස
’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රක්ෂණ ක්ෂේත්‍රයේ වටිනාම සන්නාමය සෙලින්කෝ ලයිෆ්