
(ගයාන් සූරිය ආරච්චි)
නීති විරෝධී ලෙස ගිනි අවි නිෂ්පාදන කම්හලක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයකු ගිනිඅවි නිෂ්පාදන සැකිලි කොටස් සහ ගිනි අවි කොටස් සමඟ රවක්වාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රක්වාන නොරොක්කාන වත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 49 ක ව්‍යාපාරිකයෙකි.
එහිදී සැකකරු සන්තකයේ තිබී නිෂ්පාදනය කරමින් තිබූ හැමර් කොටස සහ ට්‍රිගර් කොටස සවි කරන ලද ලෝහමය රිවෝල්වර සැකිල්ලක්, ෆ්යරින් පින් කොටස් දෙකක් සහ ස්ප්‍රින් කොටසක්, ලෝහමය රිවෝල්වර සැකිලි දෙකක්, රිවෝල්වර සිලින්ඩර් කොටස් හතරක්, සිලින්ඩර් කප් එකක්, ලෝහමය හැමර් දෙකක් කොටස්, ලෝහමය දුනු කොටස් දෙකක් විශේෂ කාර්ය බලකාය සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර තිහකට වැඩි කාලයක් සන්නද්ධ යුද්ධයක් තිබිච්ච රටක දේශපාලකයන් තමන්ගෙ බලය වෙනුවෙන් ඕනෑ තරම් නවීන ආයුධ පාතාලයට ලබා දුන්න රටක මේ වගේ මලකඩ කාපු යකඩ කෑලි ටිකක් අල්ලගෙන අපරාධ නවත්තන්න හදනව නම් අපි බලාපොරොත්තු උන වෙනස මේ මාළිමා රජයටත් කරගන්න බැරි වෙයි.පොලිස් ලොක්කන් මේ වගේ නාටක පෙන්නලා ඉහල පරිපාලනය වගේම රටේ මිනිස්සුන්වත් රවට්ටන එකෙන් වෙන්නෙ ඇත්තටම තිත තියන්න ඕන අපරාධ නිදහසේ ක්‍රියාත්මක වෙන එක විතරයි.