IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රැකියා සිහිනය බොඳ කළ මේජර් අත්අඩංගුවට

(සුමිත් පොතුපිටිය සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ඇමෙරිකාවේ රැකියාවලට යවන බව පවසමින් සිය බිරිඳ සමග එක්ව රුපියල් ලක්ෂ 42 කට ආසන්න මුදලක් වංචා කළ බව කියන සිද්දියක් සම්බන්දයෙන් සැකපිට යුද හමුදාවේ මේජර් වරයකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය කියයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ගොරකාන ප්‍රදේශයේ පදිංචි 37 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

සැකකාර මේජර් වරයා යාපනය මුහමලේ ප්‍රදේශයේ කදවුරක රාජකාරි කරන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට අයත් නිළධාරීයකු බව පොලිසිය කීය.

පානදුර උතුර පොලිසියට පැමිණිලි 4 ක්, දෙහිවල සහ ගල්කිස්ස ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකටද කල පැමිණිලි කිහිපයක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.

සැකකාර මේජර් වරය පසුගිය 10 දා නිවාඩු ලබා නිවසට පැමිණ සිට ඇති බවද පොලිසිය පවසයි .

බිරිඳ  විවිධ පුද්ගලයන්ගෙන් ලබාගන්නා ලද මුදල් මේජර් වරයාගේ ගිණුමට බැරකර ඇති බවටද දැනගන්නට ලැබී ඇතැයිද පරීක්ෂණ නිළධාරීයෙක් කීය.

 



අදහස් (1)

රැකියා සිහිනය බොඳ කළ මේජර් අත්අඩංගුවට

රවී Tuesday, 24 October 2023 02:56 PM

ලංකාවේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ පිටරට යන්න පිලිගත් ආයතනයකින් සහය ගන්න කියලා. බොහෝවිට මේ වගේ හොරුන්ට අහුවෙන්නෙත් , අදාල සුදුසුකම් නැතිව හොර පාරෙන් රටින් පැන ගන්න හදන අයම තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site