IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘රකිමු පණ මෙන් හස්ති නිජ බිම්’

(යොහාන් භාසුර)

ආණ්ඩුවට දශක 3 ක් තිස්සේ විසඳාගත නොහැකි අලි - මිනිස් ගැටුම විසදන්න ජාත්‍යන්තර සහය ගැනීමේ අරමුණින් පරිසර සංවිධාන එකමුතුව කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (22) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය.

‘රකිමු පණ මෙන් හස්ති නිජ බිම්’ යන තේමාව යටතේ පැවැති මෙම විරෝධතාවයේදී පරිසර සංවිධාන එකමුතුවේ සාමාජිකයෝ ‘අලි අම්මා කෝ’ සහ ‘හක්කපටස් මරණ 651 යි’ ආදි පාඨ ඇතුළත් පුවරුව රැගෙන විරෝධතාවයේ නිරත වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)  



අදහස් (7)

‘රකිමු පණ මෙන් හස්ති නිජ බිම්’

Amal Monday, 22 January 2024 03:00 PM

මෙහෙ පරිසර සංවිධාන අලි රකින්න ජාත්‍යන්තර සහය ඉල්ලනවා. අරහේ කෘෂිකර්ම ඇමති තුවක්කු බෙදනවා - අනේ අපොයි ...!!!

:       3       12

Aruna Monday, 22 January 2024 03:19 PM

අලි නැති මෙහෙට වෙලා කෑ ගහ ගහ ඉඳලා හරියන්නේ නෑ නේ. ඔය නෝනා මහත්තුරුත් ගිහින් අලි ඉන්න පලාතක පදිංචි වෙන්නකෝ කොළඹට වෙලා ඉන්නේ නැතුව. එතකොට ඔයාගේ තාත්තා කඩේට ගිහින් එනකොට අලියා ගහලා මරලා දැම්මම, ඔයාගේ දරුවා ඉස්කෝලේ ගිහින් එනකොට අලියා පාගලා මරලා දැම්මම, ඒවා මොකුත් නොවුන ගානට පරිසරයේ සිරි නරඹ නරඹ සුව සේ ඉන්න පුළුවන්.

:       9       9

Galkotuwe Gedara Suneth Hemantha KumaraMonday, 22 January 2024 04:04 PM

අලි ඉන්න පළාත්වලට ගිහින් මිනිස්සු පදිංචි වුණ එක තමයි මෙතැන මූලික වරද ලොකු උන්නැහේ. 90% විතර අනවසර පදිංචි කිරිම්...!

:       1       11

SamanMonday, 22 January 2024 05:25 PM

ඔතාන කියලා තියෙන්නේ පුතා අලි මිනිස් ගැටුම වළක්වන්න ජාත්‍යන්තර සහාය ඉල්ලනවා කියලා... අලි, මිනිස්සු දෙගොල්ලෝම බේරෙනවා...!

:       0       3

ajith Monday, 22 January 2024 05:52 PM

මේ නගරබද පරිසරවේදියෝ ටික අල්ලලා ඈත ගමක හේනක් බලාගන්නට අරින්න ඕනේ....!

:       5       3

වල් අලියා Monday, 22 January 2024 08:24 PM

ඒක හරි... අලි - මිනිස් ගැටුම විසඳන්න ජනාධිපතිවරණය තිබිය යුතුමයි. නැත්නම් ජාත්‍යන්තර සහාය අරන් හරි විසඳිය යුතුයි. මේ යන හැටියට මිනිස්සු මැරිලා අපත අලි විතරක් ඉතුරු වෙලා වැඩක් තියෙනවාද?

:       0       1

Bunny Preena Tuesday, 23 January 2024 09:17 AM

ඇයි අයිතිකරුවන්ට පුළුවන් සංවිධානය වෙලා ඒගොල්ලන්ගේ හීලෑ අලි ඇතුන් ගෙනහල්ලා පුවරු ටිකක් ප්‍රදර්ශනය කරන්න "හක්ක පටස් " "විදුලි රැහැන් " තුවක්කු උගුල් " සහ අලින්ගේ වාසභූමි බලහත්කාරයෙන් අල්ලාගෙන ජනාවාස සහ වගාවන් කිරීමට විරුද්ධව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site