
(විජේරත්න රත්නායක)
මහියංගණය ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක ඊයේ (30) රාත්‍රී වැඩමුරයේ සේවය කළ සේවිකාවන් 25 දෙනකු පමණ පිරිසක් හදිසි අසාත්මිකතාවයක් හේතුවෙන් මහියංගණය මූලික රෝහලට ඇතුළත් කෙරුණු බව පොලිසිය පවසයි.
මහියංගනය ගැමුණුපුර පිහිටි ඇඟළුම් ශාලාවේ සේවය කරන සේවිකාවන් පිරිසක් මෙසේ රෝහල්ගත කර ඇති අතර මෙම අසාත්මිකතාවයට හේතුව ඔවුනට ලබාදුන් ආහාරවල ගැටලුවක් බවට සැකකෙරේ.
කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු මේ වන වන විට තාවකාලිකව නවතා දමා ඇති අතර මහියංගණය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සහ මහියංගණය පොලිස් ස්ථානය මගින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෑ වැඩමුරයේ සේවිකාවන් 25ක අසාත්මිකතාවක්