
(අංජුල මහික වීරරත්න)
කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අරගලකරුවන් ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයේ පිහිනා ජල ක්‍රීඩා කිරීමෙන් අනතුරුව දැන් රෑ බත උයන්නට සූදානම් වන අයුරු අන්තර්ජලයේ ඡායාරූප හුවමාරු වෙයි.
ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අරගල කරුවන් එහි කාමර වල ද ඇවිදිමින් සුව පහසු ආසන වල අසුන් ගනිමින් තේ හදාගෙන බොමින් සිටින අයුරු දැකගත හැකි විය.
ඇතැම්හු ජනාධිපති මන්දිරයේ වහලයට නැඟ ජාතික කොඩි වනමින් ප්‍රීති ඝෝෂා කළහ.
ජනාධිපති මන්දිරයේ රැකවල්ලා සිටි ආරක්ෂක භටයන් ද අද පස්වරුවේ බස් රථ වලින් ඉවත්ව යන අයුරු දැකගත හැකි විය. අනතුරුව අරගල කරුවෝ ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය හමුවක් ද පැවැත්වූහ. එහිදී ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ජනතා දේපොළ කිසිවකට හානි නොකරන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකෙ කොහෙවත් රටක මෙහෙම වෙලා නැහැ..අයෙ වෙන්නෙත් නැහැ..ලංකාවෙම විතරයි...සුපිරියි.
එල රැට්ට ජය වේවා
ලබු කිරිබත් හදන්න වගේ පේනවා ජයවේවා !!!
කන්න කන්න රසටම...! මූණවල් ඔක්කෝම දැක්කා..! ඒ කියන්නේ හිර බතත් ලුණු ඇඹුල් ඇතිවම ලබන සතියේ ඉඳලා කන්න වෙයි ඔය පෙන්වපු මුහුණුවලට...! ඔබලා දන්නවාද ඔය කලේ නීති විරෝධී ක්‍රියාවක් කියලා...!
මේක ගෝඨාභයට මහින්දගෙන් ලැබුණු තෑග්ගනේ...!
අලුත් වතුර පුරවලා ක්ලොරිනෙට් කරලා මොවුන් ගෙනා විසබීජ නැති කරන්න පුළුවන් වෙයි එත් මොවුන් ගෙනා හඩු ගඳ යවන්න කාලයක් යයි.