
(අංජුල මහික වීරරත්න)
යාපනයේ සිදු වූ බෝට්ටු අනතුරට බලපෑ මූලික හේතු සෙවීම සඳහා නාවික හමුදාව ඇතුළු අදාළ සියලුම අංශ සම්බන්ධ කරගනිමින් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ධීවර, ජලජ හා සාගර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා උපදෙස් දී ඇත.
අනතුරෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල් වෙත අමාත්‍යවරයා සිය බලවත් ශෝකය ප්‍රකාශ කළ අතර, ඔවුන්ට අවශ්‍ය සියලු සහන ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.
අනතුරට ලක් වූ බෝට්ටුවේ ධාවන යෝග්‍යතාව, මගීන් සංඛ්‍යාව නියමිත සීමාවන් ඉක්මවා තිබුණේද යන්න සහ මුහුදු ගමන් සඳහා වන ආරක්ෂිත ක්‍රියා පටිපාටි නිසි ලෙස අනුගමනය කළේද යන්න පිළිබඳවද අමාත්‍යවරයා විසින් සවිස්තරාත්මක වාර්තාවක් කැඳවා තිබේ.
යාපනය ගුරුනගර් සිට පලෙයිතිව් දක්වා බැතිමතුන් පිරිසක් රැගෙනයමින් සිටි මෙම යාත්‍රා පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙකු ජීවිතක්ෂයටපත්ව තවත් 13දෙනකු රෝහල්ගත කර ඇතැයි යාපනය පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd