
(සිතුම් චතුරංග)
යාපනය ගුරුනගර් සිට පලෙයිතිව් දක්වා බැතිමතුන් පිරිසක් රැගෙනයමින් සිටි යාත්‍රාවක් මුහුදේ පෙරැළියාමෙන් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයටපත්ව තවත් 13දෙනකු අද (06) රෝහල්ගත කොට ඇතැයි යාපනය පොලිසිය කියයි.
පලෙයිතිව් අන්තෝනි දේවස්ථානයේ මංගල්‍යය සඳහා සහභාගීවීමට ගිය බැතිමතුන් පිරිසක් රැගත් ධීවර යාත්‍රාවක් එලෙස පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
එලෙස අනතුරින් මියගොස් ඇත්තේ යාපනය , ගුරුනගර් පදිංචි එම්.ජෝෂප්වාස් නැමති 80 හැවිරිදි අයකු සහ එස්.ෆ්‍රැන්සිස් නැමති 57 හැවිරිදි අයකු වේ.
ගුරුනගර් ජැටියේ සිට යාත්‍රාව කෙටි දුරක් මුහුදේ යාත්‍රාකොට ඇති අතර එහිදී එකවර පෙරලීගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුරටලක්වන විට යාත්‍රාවේ 15 දෙනකු පමණ සිට ඇති අතර ඔවුන්ගෙන් කාන්තාවන් සිව්දෙනකු සහ පිරිමි පුද්ගලයින් 09 දෙනකු නාවික හමුදාව සහ ප්‍රදේශයේ ධීවර ජනතාව විසින් බේරාගෙන ඇති බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd