
(ආරියරත්න රණබාහු)
යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමේ බලාපොරොත්තුවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන අවසන් අවස්ථාව මෙය විය හැකියයිද උන්වහන්සේ කීහ.
එහෙත් ඉදිරි ජනාධිපතිවරණයකදී වත්මන් ජනාධිපතිවරයා සහ රාජපක්ෂ නඩයම පන්නා දැමීමට කටයුතු කරන බවද පැවසූ උන්වහන්සේ වර්තමානයේ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වෙමින් ඒ අනුව සියල්ල විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට ඇතැයිද කීහ.
රතන හිමියෝ මේ බව කියා සිටියේ රජයට එරෙහිව කොළඹ පැවති විරෝධතාවයකට සහභාගිවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික ස්ථානවලින් මහා සද්දෙට ලවුඩ්ස්පීකර් , බෆල් යොදාගෙන ආගමික කටයුතු කිරීම අවට පදිංචි මහජනතාවට හිරිහැරයක් . පරිසරයට හිතැති ඔබ වහන්සේවත් පාරිසරික නිශ්ශබ්දතාවය රැක ගැනීම වෙනුවෙන් හඬක් නඟන්න...
බලාපොරොත්තු තියා ගන්නත් එපා, පුළුවන් නම් ඉක්මනින් මහන වෙන්න බලන්න !
දැන්වත් මහණ උනොත් නරකද
ඒක කවදාවත් නොවන දෙයක්, මේ වතාවෙත් මංකොල්ලකාපු තනතුරේ නේ ඔය ඉන්නෙ. ඒවගේ චාන්ස් දෙන්න මොඩයොත් ඔහේට චන්දෙ දෙන්න මෝඩයොත් නැහැ. සාපි වඳ පැලෝපීය නාඩගමෙන් රටට සහ ජාතියට කරපු අපහාසය, අපට ලැජ්ජයි. තමුන්නැහැ අර කීර්තිමත් නිළධාරි ශානිට කරපු අපහාසය, කාබනික නාඩගම නටල ගෝට නැතිකලා, ග්ලයිෆොසෙට් නාඩගම යහපාලන කාලෙ, දැන්වත් සිල් රැකල මහනකමේ ගෞරවය රැකගන්න.
අයෙ කොහොමත් එන්න දෙන්නෙත් නෑ. කහකඩයා බුදු දහමත් විනස කලා.
යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්නත් එපා, යළිත් පැවිදි වෙන්නත් එපා. මෙච්චරකල් වෙච්ච එකමදේ මන්ත්‍රී හාමුදුරුවෝ වෙලා දිව්‍යලෝක සැප මෙලොවදීම විඳපු එක විතරයි.
අප්පෝ ලොකු දෙයක්. ඉස්සෙල්ල තමන් පැවිදි වුනේ ඇයි කියල මතක් කර ගන්න.
කොහොමටත් එන්න හම්බවෙන්නෙ නැහැ
සිවුරත් අතහැරල දැම්මනම් හොඳ නැද්ද. සාසනේ පවුනේ, ඒකයි !!
යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්නත් එපා, යළිත් පැවිදි වෙන්නත් එපා. මීට කළින් හිටපු මන්ත්‍රී හාමුදුරුවරු, දියවන්නාව කියන ගුබ්බෑයමට රිංගලා, ඇටත් මිරිකගෙන, චීවරයටත් අගව්රව කරගෙන තමයි පන්සලට ආපහු වැඩියෙ....ඊට අමතරව මෙච්චරකල් වෙච්ච එකමදේ මන්ත්‍රී හාමුදුරුවෝ වෙලා දිව්‍යලෝක සැප මෙලොවදීම විඳපු එක විතරයි.....
ඉදිරි ජනාධිපතිවරණයකදී වත්මන් ජනාධිපතිවරයා සහ රාජපක්ෂ නඩයම පන්නා දැමීම ගිහියන්ට බාර දීල ඔඹ වහන්සේ ගිහින් බුදුරජාණන් වහන්සේ හාමුදුරුවන්ට පවරපු කටයුත්ත කරන්න. බැරිනම් සිවුර ගලෝල තියල ගිහින් ඕන මගුලක් කරන්න.
ඔයාට ආයිත් චන්දය දෙන මිනිසුන් මේ භූමියේ කොහේක වත් නෑ. හිටපු කාලය තුලදී වාහන කීපයක් විකුනා ගත්තා. ජාතිකත්වය අතර වෛර්‍ය් පෝෂණය කල තව දුරටත් ඔය සිවුරේ ඉන්ටත් එපා .ඒක උතුම් වූ බුදු දහමට කරන නිගාවක් .චින්තනයක් ඇදන් හම්බුකරපු සල්ලි වලින් ව්‍යාපාරයක් කරන්න මිනිසුන්ට ගිනි නොදෙන.
කැමති උනත් නැතත් ඊ ගාව චන්දෙන් ආපහු පන්සලට තමයි
ලොකු දෙයක් නැවත ජනතා චන්දෙන් නම් ඔබ වහන්සේට පාර්ලිමේන්තු එන්න වෙන එකක් නැහැ .පොහොර කේස් එකෙන් ගෝඨාභය මහත්මයත් නැති කරා .මව්වරු වැඩ කිරීම වගේ ගොන් කතා නිසා මිනිස්සුන්ගේ ජන විඥානයටත් පහර ගැහුවා.
කරපු වැඩ වලට මිනිස්සු ඔහෙට චදනේ දෙන්නේ නැහැ
අතන මෙතන ඇයි තටමන්නේ....එල්ලෙන්න තැනක් නැද්ද
පැවිදිවෙලා ගුණ දහමක් පුරාගෙන හිටියනම් ලැබූ මනුස්ස ජිවිතයෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙනවා. පැවිදිවෙන්න පින තිබුණ. ගුණ පුරන්න පින මදිඋනා....
මේ සැරේ කිසිම ක්‍රමයක් නැහැනේ. ජාති ආගම් භේද ඇති කරලා බලයට එන්නත් බෑ. මිනිස්සු ඡන්දෙ දෙන්නෙත් නෑ. බලයට එන කිසිම පක්ෂයක් ගන්නෙත් නෑ
නිවන් දකින බලාපොරොත්තුවක් හෝ බුද්ධ දේශනා අවබෝධ කරගැනීමේ බලාපොරොත්තුවකුත් නැද්ද?
අයියෝ !ඉවසන්න බෑග්.ආයේ අපේ ප්‍රශ්න විසදන්නේ කවුද?
අපොයි එතකොට අපේ ප්‍රශ්න විසදන්නේ කවුද?
ඇති තරමට හම්බකරගෙන දැන් පන්සලකට වෙලා ඉන්න
කවුද අප්පා අවස්ථාවක් දෙන්නේ? මේ අන්තිම පාර තමයි.
එසේනම් දැන්වත් මහන වෙයන්
රත්නේ දැන්වත් මහන වෙන්න බලන්න