(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීය.
සෙබළුන් හමුවට ගොස් ඔවුන් සමඟ සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සෙබළුන් විසින් අඳින ලද සිතුවම් හා නිර්මාණ නැරඹීමටද එක් විය.
තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට තම ජීවිත මෙන්ම අත්පා හා ශරීර කොටස් අහිමි වී සදහටම ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා යළිත් කිසිදු දිනෙක මෙවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බව අවධාරණය කළේය.
අබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් තමා අඛණ්ඩව කැප වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මිහිඳු සෙත් මැදුර - සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමඟද අදහස් හුවමාරු කර ගත්තේය. සෙබළුන් වෙනුවෙන් තවදුරටත් ලබා දිය හැකි වෛද්‍ය හා සේවා පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.
ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, මිහිදු සෙත් මැදුරේ සේනා විධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ජී. එස්. ඩී. එස් රාජකරුණා, යුද හමුදා රණ සේවා හා පුනරුතථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ඒ. එස් විජේදාස ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු බනින්න ගත්තාම බිසී නැති වෙනවා, කාලසටහනේ ඉඩ මැවෙනවා, තීරණ වෙනස් වෙනවා, කොයි ලොක්කත් දෙකට නැවෙනවා...
ඔව් මෙයා කොටි ඩයස්‌පෝරාවට පොරොන්දු වෙන්න ඇති යුද්ධයකින් තොරවම උතුරට පෙඩරල් දෙන්න. මෙයාට අනුව නම් අතපය අහිමිව ඉන්නේ නිකම්ම නිකන් සෙබලු. රණ විරුවන් නෙමෙයි.
යෝගා බයියට මතක නැතිව ඇති, යෝගා බයිය කඩේ යන ෆෙරාරි සීයා අගමැති වෙලා ඉන්න කාලේ, යුද්ධයකින් තොරව උතුරු-නැගෙනහිර කොටින්ට සින්නක්කරවම ලියලා දෙන්න ලෑස්ති වුණා. චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවලා යන්තම් රට බේරාගත්තා.
බලාගෙන ගියාම යුද වැදීමේ එකම සාධකය පචේ..
යෝග , ගුණේ ඔය දෙන්නා... ලබන ආත්මයේදී අනිවාර්යයෙන්ම අපාගත වේනවා කියන බොරුවලට, කටුඉඹුලේත් අනිවාර්යයෙන්ම නගින්න වෙනවා... ජාතිවාදය පතුරනවාට...
කයිය නම් තවම අඩුවක් නැහැ.
කිව්වොත් ඉතින් පරම සත්‍යය තමයි.
බයියෝ තාම රට බංකොළොත් කරපු පට්ට හොරුන්ටමයි කඩේ යන්නේ...
නයට කහින නජුංසකයින්ට සිංහල මිනිස්සු නගේ අයිතිය ගැන කථා කිරිම ජාතිවාදය ද, කොන්ද නැති නායකයන් රට පාලනය කිරිමේ විපාක.