
(අංජුල මහික වීරරත්න)
යහපාලන රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් අධික කුලියක් ගෙවා ලබා ගැනීම සම්බන්ධයෙන් රජය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාල ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීමට රුපියල් කෝටි 66ක තැන්පතු මුදලක් රජයෙන් එහි අයිතිකරුට ලබා දී ඇති අතර ගොඩනැගිල්ල ආපසු බාරදී වසර ගණනාවක් ගත වුවත් එම තැන්පතු මුදල ආපසු ලබා දී නැති බව කෘෂිකර්ම අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කර ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් පතා ඇතැයිද අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියම කුට්ටිය බෙදාගත්තා.
ඔය අර නිළියගේ ගොඩනැගිල්ල්ද ? රනිල් තුමා අපරාදේ කියන්න බැහැ රටේ මිනිසුන්ට කෙසේ වෙතත් ඒ වගේ උන්දැලට නං සැහෙන්න උදව් කරා.
නිළියොත් එක්ක නිදි වැදිච්ච ගංජා ගහපු ඇමතිලා නිසා රටේ මහජනතාව පව් ගෙවීමට අවශ්‍ය නොවේ. කෝටි 66ක් පමණක් නොව ඊට අදාළ වන පොලිය සමග මුළු මුදල අය කරගැනීමට කටයුතු කරන්න. එහෙම නොවේ නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. මෙන්න මේ දේ කරන්න තමයි අනුරට බලය දුන්නේ. අනිත් කිසි කෙනෙක් ආවාට කවදාවත් ඔය වගේ නිලකාස හොරු අල්ලනවා බොරු තමයි...!
කී මනී වෙනුවට වෙන මොනවා හරි දීලා නම්?
පුලුල් ප්‍රචාරයක් ලබාදී සංදර්ශන පැවැත්වීමට පෙර හරි හැටි සොයා බැලීම නුවණට හුරුයි. නැතිනම් බොරුකාරයෝ වීමට ඉඩ ඇත.
ඔන්න කියන්න එපා මීඩියා ෂෝ කියල, හිතනවද රනිල් හරි සජිත් හරි බලයට ආවනම් මෙහෙම එකක් අහන්නවත් ලැබෙනවද කියල කුහක නොවී හිතල බලන්නකෝ, මේවගේ තවත් ඇති. අර නුවර වාහන දෙක හිටපු ඇමතිගෙ බෑනගෙ ගෙදර තිබුන වාහන දෙක කවුදෝ නොදන්නා අයෙක් ගෙනත් දාලලු. මේක හරියට ඩේසි ආච්චිගෙ මැණික් මල්ල වගේ නැත්නම් මල්වානෙ අයිතිකාරයෙක් නැති මන්දිරය වගේ.
සබීතා පෙරේරා ලඟින් හිටපු ඇමතිගෙන් අහුවොත් කියාවී කෝටී 66කට මොකද කළේ කියලා.
සබීතා නැවත දුන්නේ නැද්ද එහෙම නැතිනම් සබීතාගේ නම විකුණලා ඇමති ගහලාද?
ළමයින්ට කිරිපිටි ගන්න සල්ලි නෑ. මේවට වගකිව යුතු නිලධාරීන් සහ පාලකයින් බරපතල වැඩ අතිව සිරගත කළ යුතුයි.
සබිතාගේ දේපල රජයට පවරා ගන්න.
හදිසියේම ඔහොම සබීතාගෙන් සල්ලි ඉල්ලුවොත් කොහොම ගෙවන්නද? අපි වුණත් අසරණ වෙනවා නේ. පව්. ඔය සල්ලි ඉල්ලන්න එපා. ඩිපොසිට් එක වෙන මොනාට හරි කපා ගන්න ඇති.
දැන් කකුලුවෝ හොඳටම බයවෙලා.
ඇත්තටම රනිල් වික්‍රමසිංහ කියන්නේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල් කිසිම හිරිකිතක් දුකක් පැකිලීමක් නැතුව හිතුමතේ අත පය දිග හැරලා නිකරුනේ වියදම් කරපු සහ ඉදිරියටත් කරන්න හිතන් හිටපු මහා පුදුමාකාර මනුස්සයෙක්. ඕක වුනේ බත්තරමුල්ලේ රජමල් වත්තේ ගොඩනැගිලි සංකීර්ණයේ හොඳින් ස්ථාපනය කර තිබුණ කෘෂිකර්ම අමාත්‍යාංශය අයින් කරලා එයාට මොනවාද කමිටු රැස්වීම් වගයක් තියන්න එතනම ඕනි වුණා. ඒකට තමයි ඔය දුෂිත ගොඩනැගිලි මාරුව පටන් ගත්තේ. ආයේ පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. කමිටු රැස්වීම් වෙන තැනක තියන්න. ඔතනම ඕනි කිව්වා. අන්තිමේදී බඩු එහාට ගෙනිච්චා මෙහාට ගෙනිච්චා අන්තිමේදී කෙරිච්ච දෙයකුත් නැහැ. අලුතෙන් කුලියට ගත්ත ගොඩනැගිල්ලටත් විශාල කුලියක් ගෙව්වා. අන්තිමට කෘෂිකර්ම අමාත්‍යාංශය ආපහු රජමල් වත්තටම ගෙනාවා. ඔය කෙරුවාවට විශාල ධනයක් නිකරුනේ නාස්ති කරලා දැම්මා. රනිල්ට නම් සතපහක ගාණක් නැහැ.
මේ ගොඩනැගිල්ල කුලියට ගත්ත දා පටන් එල්ල වූ චෝදනා අපමණයි. මේ සියල්ලෙන්ම පිළිබිඹු වෙන්නේ යහපාලනයේ ක්‍රියා පටිපාටියයි.
ගොඩනැගිලි කුලියට ගන්න වෙලාවේ ගිවිසුමක් අත්සන් කරනවා නේද? එම ගිවිසුම අනුව කටයුතු කරන්න.
ඒ සල්ලි දෙන්නේ නැත්තං, කරන්න තියෙන්නේ ඒ ගොඩනැගිල්ල ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා, මුදල් අය කර ගන්නයි.
ඔන්න සබීතාට කතා කරන්න අවස්ථාවක්. හස්බන් හරි බලු වැඩේ කරනවා නම් කියන්න ඕනේ.
කොහොම වුණත් යහපාලන ආණ්ඩුව පරාජයට පත්වෙලා අලුතින් ඇමති කෙනෙක් හා අමාත්‍යාංශ ලේකම් කෙනෙක් පත්වුණා ඉතින් අමාත්‍යාංශයේ කටයුතු ඔවුන්ට අනිවාර්යයෙන් පැවරෙනවා. එවිට යහපාලන ආණ්ඩුවට පස්සේ කෘෂිකර්ම ඇමතිවරයා නොවුණත් අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාළ අමාත්‍යාංශයේ ගණන් දීමේ නිළධාරි හැටියට එම මුදල් සම්බන්ධයෙන් වගකිව යුතුයි. ඔහුගේ අකාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව විනයානුකූලව දඩුවම් දිය යුතුය.
රු පියල් කෝටි 66 කියන්නේ ඉතා සුළු මුදලක් කියල අමතක කරලා දාල වෙන්න බැරිද? අපෙනුත් කවුරු හරි රුපියල් 100 ක් ණයට ගත්තොත් ඒක ආපසු ඉල්ලන්න තරම් වටිනාකමක් ඇති දෙයක් නොවන නිසා අමතක කර දමනවා වගේ වැඩක් වෙන්න ඇති.
මේවා අපිට කියලා වැඩක් නෑ. එවැනි මුදල් අය කරගැනීමත් එවැනි දැ මතු සිදු නොවීමටත් තමයි ජනතාව අලුත් ආණ්ඩුවක් පත් කර ගත්තේ.
අපි මුදල් එකතු කළ යුතුයි. නමුත් අපි දැනගත යුතුයි මේ ගනුදෙනුව පිටුපස ඉන්න අය ගැන. එබැවින් හෙළිදරව් කිරීම හොඳය.
ගරු ඇමැතිතුමා ඒව සභීතාගේ කොහේ හරි තැන්පත් කරන්න ඇති මගේහිතේ...