(ඉන්දිකා රාමනායක)
බන්ධනාගාරය තුළ සිරඳඩුවම් විදිමින් යහපත් කල් ක්‍රියාවෙන් සිටි සිරකරුවන් 19 දෙනකු බලපත්‍රයක් මත හෙට (17) මුදාහැරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පිරිස වැලිකඩල, බදුල්ලල, ඇඟුණකොළපැලැස්සල, වටරැකල, අනුරාධපුරල, වීරවිල හා පල්ලේකැලේ යන බන්ධනාගාරයන් වල සිටි පිරිසක් බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.
බන්ධනාගාරගත දඬුවමක් නියමකරනු ලබන සිරකරුවෙකු හට අපරාධ වැලැක්වීමේ ආඥා පනතේ 11 වන වගන්තිය ප්‍රකාරව අධිකරණ බන්ධනාගාර කටයුතුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාට පැවරී ඇති බලතල අනුව මෙම නිදහස් කිරීම සිදුකළ බවද ඒකනායක මහතා පැවසීය.
බන්ධනාගාර පුනරුත්ථාපන නිළධාරීන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ මෙම සිරකරුවන් සමාජ ගත කරනු ලබන බවත්, 2022.11.29 දින පැවැති බලපත්‍ර මණ්ඩලය මගින් අමාත්‍යතුමන්ගේ අනුමැතිය යටතේ මෙම නිදහස් කිරීම සිදුකරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.