වැඩ තහනමට ලක්ව සිටි ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියට අනුව යළි සේවයේ පිහිටුවීමට අදාළ නියෝගයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අත්සන් තබා ඇත.
නාවික හමුදාව විසින් 2016 පෙබරවාරි 28 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතාගේ වැඩ තහනම් කර තිබිණි.
(16844)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකිරෙනවා අප්පා මේවා අහද්දී, සාමාන්‍ය මිනිහෙකුගේ වැඩකට මෙහෙම ජනාධිපතිතුමා අත ගහයිද?
ලැජ්ජයි.
ඔව් ඉතින් මෙයා කිසි වරදක් නොකළ අහිංසකයනේ. හිනාත් යනවා.
අයියෝ සිරිසේන .....
මතක ඇතිව හිඟ වැටුපත් ගෙවන්න ඕනැ හොඳේ...
ඉස්සෙල්ලම බාප්පව නිදහස් කළා. ඊළඟට පුතාට රස්සාව දුන්නා.. හංසයාගේ පිටේ නැගලා ආව මෛත්‍රීපාලමද මේ හැබැටම? ඉතුරු නඩු ෆයිල් ටිකත් ඔහොම්ම වහලා දාවි.. ඊට පස්සේ උඩ පැනගෙන ගිහින් කතිරේ ගහන්නකෝ.. ලංකාවේ මිනිස්සුන්ව කවදාවත් ගොඩගන්න බැරි සාපයක්.. අයියෝ මගේ ලස්සන රට..
2015 ජනවාරි විප්ලවයට ජයවේවා!
හිඟ පඩි ගෙවලා ලැබිය යුතුව තිබුන උසස් වීම් දීලා මීට වඩා ඉහළ තනතුරකට පත් නොකළේ මොකද?
යහපත් දේ ඉෂ්ඨ කිරීම උතුම් ගුණාංගයක්. ගරු ජනාධිපතිතුමාට මගේ ගෞරවණීය ස්තුතිය. අනුන්ගෙන් අසාධාරණ විදිහට පළි ගැනීමට කටයුතු කරන අයගෙන් ඈත්විම යහපත් කටයුත්තකි.
මොනවද මේ වෙන්නේ?
බාප්පා එන්න කලින්ම.......
හෙන ගහනවා.
හිඟ වැටුප් වෙනත් දීමනා ආදියත් දෙන්න පුළුවන් හැම දෙයක්ම මදි නොකියන්න අප්‍රමාදව ගෙවන්න. විශේෂ පුහුණුව සඳහා රටවල් හතරකට, පහකට පිටපිටම යවන්න. රට ගලවා ගන්න ඉන්නේ අපේ කට්ටියනේ..!
ඉතාම හොඳ දූරදර්ශි තීරණයක්.මෙයාව නාවික හමුදාපති කරානම් තවත් හොදයි.නාවික හමුදාවේ ඉද්දි හමුදාපතිට වඩා බලවත්.දැන් හිග පඩියත් එක්කම දෙයි.නාවික හමුදාවේ විනයත් අදින් පස්සේ ඉවරයි.මේවා කාගෙවත් බූදලයක් නෙවේ.
සිදුවන දේ හැටියට මෙම පත්වීම මේ අවස්ථාවේදී මැතිවරණ නීති වලට එකඟද?
එතකොට දැන් වංචා නඩු වලින් නිදහස්ද? ආපසු රැකියාව දුන්නේ ඡන්දෙ නිසාද?ඔයාලා ඔක්කොම අපිට කරන්නේ බොරුව නේද? මේ පාරනම් රැවටිලි බැහැ.
එතකොට බොරුවටද වැඩ තහනම් කරලා තියෙන්නේ?
නියම කොල්ලෙක්. තමන්ගේ වැඩේ විතරක් කරගන්න බලපු අය නිසා තමා ඔය නිළධාරියා විනාශ වුනේ.
නිලය සමග හිඟ වැටුප් ලැබේවි. දැන් කට්ටිය බයවෙලා.
සියලු දීමනා සහිත හිඟ වැටුපද නියමිත උසස්වීම් ද ළඟදීම බලාපොරොත්තුවන්න.
බොහොම හොඳ වැඩක්.
සුදුසුකම් නැතුව කොහොමද මෙම තනතුර ගත්තේ?
දැන් බලන කොට වැරැදී කරපු කවුරුවත් නෑ. අපි තමයි වැරැදි. රාජපක්ෂලා ඔක්කොම නිදහස්..
එයින් පෙනී යන්නේ පෙර පාලන තන්ත්‍රය වෙනුවෙන් ඔහු විසින්ම කරන ලද සියලු චෝදනා ව්‍යාජ ඒවා බවයි.
වහින්නේ මේකයි.......
යන යකා කොරහත් බිඳගෙන තමයි ඔය යන්න හදන්නේ. හැබැයි කොළඹ ලොකු මාලිගාවක් ඉන්න හිටින්න හදාගෙන කියල තමයි ආරංචි. එලොවටත් මෙලොවටත් නැති කෙනෙක් අපිත් පත්කරගත්තනේ.
දැන් ඉතින් නඩුව ඉවරද ? අපි කිසිවක් දන්නේ නැහැනේ . පුදුමයි. තලගොයාත් කබරගොයා වෙන්නේ ඔන්න ඔහොමයි .
දැන්නෙ යහපාලනය පටන් අරන් තියෙන්නේ......
යම් දෙයක් පැහැදිලියි.රටනම් ගන්න දෙයක් නෑ දැන්නම්.
අවුරුදු ගාණක් රනිල් යටතේ, සජිත්ගේ යාළුවා යටතේ පොලිසිය තිබුණු, ප්‍රකාශයක් වත් ගන්න අපි දැක්කේ නැහැ...
පොලියත් එක්ක ලැබෙයිනේ එන ආණ්ඩුවෙන්...
එතකොට අර කාල්ටන් ටී වී චැනල් එකේ කතාව එහෙම. කොහොමද ඒවාට ගෙවපු සල්ලි එහෙම හෙව්වේ...? ඒවාට නඩු නැතෙයි...
මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ 2015 බොරු කියල ඡන්ද අරගෙන බොරුව ජයගන්නවා. එක එක නඩු දාලා අවුරුදු පහක් පල් කරලා දැන් නිදොස් කොට නිදහස් කරනවා. මේවා ක්‍රියාත්මක කරන්න කාලය මුදල් සියලුම බරපැන ජනතාවගේ බදු මුදල්. රටට මුදල් ලැබුණු සමහර ව්‍යාපාර කඩා කප්පල් කලා.ඩොලරයේ මිල ඉහල ගිහිල්ලා සියලු මිල වැඩි වීම ජනතාව මත දැම්මා . මේවගේ රට පාලනය කරන්න ඕනෑම ගොනෙකුට පුළුවන්.
මේ පාර කියවන්නේ නැතුව වෙනසක් කරමුද? 16වෙනිදා අපේ දවසයි..
අපිට මේ රට අයිති නැහැ. මේක අයිති දේශපාලුවන්ට. අපි ඔවුන්ගේ වහල්ලු. ඔවුන්ට රටේ නීති නැහැ. පොලිසි, අධිකරණ අයිතිත් ඔවුන්ට...
රටට අවශ්‍ය "ආණ්ඩු වෙනසක්" නෙමෙයි. අපි හැමදාම කෙරුවේ ආණ්ඩු වෙනස් කරපු එක තමයි. නමුත් "වෙනස"" සිදුවිය යුත්තේ "අපි"තුළයි. අපේ ආකල්ප වෙනස්විය යුතුයි. හොරාට හොරා කියාගන්න බැරිනම් තමන්ගේ දේශපාලන මතය නිසා, එහෙම මිනිස්සු කොහොමද රටක් වෙනස් කරන්නේ? මේ පාලකයන් හැමදාම කෙරුවේ තමන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් රට උකසට තබා තීරණ ගැනීම පමණයි. අපි කෙරුවේ එහෙව් පාලකයෝ පත්කරගෙන දෙපැත්තට බෙදිලා ගහ බැන ගත්ත එක විතරයි. අලුතින්ම සිතා මේ ජනාධිපතිවරණයේදී තීරණයක් ගතයුතුයි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කිව්වම දැන්මම මෙච්චර බයක් ඇතිවෙලා කියන්නේ ඉදිරියේදී ඇතිවෙන භීෂණය හිතාගන්න.
මීට වඩා හොඳයිනේද, මේ රට ලියලා දුන්නා නම්?
ඇයි අප්පේ අර ආනමඩුවේ පොලිස් රාළහාමිට මිලියන ගාණක් ගෙව්වේ මතක නැද්ද? නයි කයිද රෝස් පාන්?
රියර් අද්මිරාල් වෙනසැටි මම් පෙන්වම්.... කිව්වලු.
රණවිරුවන් වෙනුවෙන් ඔබගත් මේ අභීත තීරණයට මාගේ ශීර්ෂ ප්‍රණාමය, යෝෂිත උතුමාණන් සදා දිනේවා...!!!
ඉස්සෙල්ලා බැඳුනා මාස 3 ක ශිෂ්‍යත්වෙකට එංගලන්තෙට. අවුරුදු කීපයක් රජෙක් වගේ රටේ සල්ලි වලින් හිටියා. අපිට පුලුවන්ද ඔය වැඩ? මොවුන් ඔටුනු පැලඳු රජවරු. ප්‍රශ්න කළොත් අපේ බෙල්ල ඉවරයි. මේ ඔක්කොම එකයි. මේ සැරේවත් මේ අය එළවමු.
ත්‍රස්තවාදය නැති කිරීමට ජනාධිපතිතුමා ගත් අභීත පියවරක්.., සුබපැතුම් රණ විරුවානෙනි..
රොමේෂ් සහ ලයන්.... ඉතා වටිනා අදහස් ගොන්නක්. නිවැරදි තීරණය ගැනීම අප සතුයි. දේශපාලන වහල්ලු ඉන්නකම් මේ රට කවම කවදාකවත් හදන්න බැහැ.
සිරිසේන උන්නැහේ අලුත් ආණ්ඩුවේ තනතුරක් එක්ක හුවමාරු කළා වගේ..
ඩීල් එක කුමක්ද...? රටට හෙලිකරන්න
යෝෂිත නාවික හමුදාවට සුදුසුම තරුණයෙක්. නිලතල සමග වැඩ තහනම් වූ කාලයේ වැටුපත් දිය යුතුයි.
ජනාධිපතිවරණයක් නිලවශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙන අවස්ථාවක මෙවැනි උසස් "ආරක්ෂක තනතුරු ප්‍රදානය කිරීමට" ජනාධිපතිවරයාට බලයක් හෝ සදාචාරාත්මක අයිතියක් පවරා දුන්නේ කවුද? මේ පත්වීම "අල්ලසක්" හැටියට සලකන පිරිසකුත් අපේ රටේ ඉන්න බව සිරිසේන ලොක්කා සිහිපත්කර ගත යුතු වෙනවා..! මේ පුද්ගලයාට එරෙහිව දෝෂාභියෝගයක් ළඟදීම ගෙන ඒමට බැරි කමකුත් නැහැ...
එතකොට හමුදාවෙන් ඉවත් කරලා ඉදල වෙන රටක හමුදාවට සේවය කරලා නැවත ලංකාවට ඇවිත් කෙලින්ම හමුදාපතිකම ලැබුනේ . ඒවාට කමක් නැද්ද ? චෝදනා තියෙනවනම් ඒවා ඔප්පු කරන්න ඕනේ . එහෙම කරන්න බැරිනම් කට පියාගෙන ඉන්න ඕනේ . අවුරුදු 4 ක් දුන්නේ මේවා ඔප්පු කරන්න තමා. එහෙමත් බැරිනම් බොරුවට කියවන්නේ නැතිව ඉන්න.
මේ වගේ ඒවා දැකලා වහල් මනසකට දැනෙන සතුට මට නම් හිතා ගන්නත් බැහැ. ඇරියස් පඩියත් ගෙවලා දාන්න නැත්නම් පව්නේ. රටට නෙමේ, අපිට ගිය කල ගැනයි මම මේ කල්පනා කොලේ.
හා හා මොනවත් කියන්න එපා. ඇයි දෙවියනේ පවුල් පන්සල් වුනාම මිනිහෙකුට කොච්චර අතේ සල්ලි තිබුනත් මදි කියලා තේරෙන්නේ නැද්ද ?
ජනාදිපති තුමාට මෙම කොමෙන්ටු ටික පෙන්නන්න කව්රුත් නැද්ද? එතකොට තේරෙයි තමන් ගැන රටවැසියාගේ ඇගයීම.
වජිර, අනුරනම් බැහැ, නාගනම් හා. අලුත් දෙයක් ගෙනෙන්නේ නාග පමණි. හොර බොරු වංචා සියල්ලටම නාගගේ යෝජිත් වියවස්තවේ ඉඩනම් නැහැ. ඒ ගැන හිතුවොත් රටට සෙතක්.
නිවැරදි තීරණයක් ජනාධිපතිතුමනි, මානුෂීය මෙහෙයුමේ අත්දැකීම් බහුල මෙවැනි වීරයින්ගෙන් වැඩක් ගතයුතුයි..
රොමේෂ් සහ ලයන්ගෙ අදහස් ඉතා වටිනවා. තවමත් වහල්ලු වගෙ ඉන්න අපේ මෝඩයන්ට ඇත්ත නැත්ත, හරි වැරදි තේරුම් ගන්න තරම් මොලයක් නෑ.
අනේ දෙවියනේ.. මෙන්න රට හරිමගට වැටිලා.. මේවගේ පාලකයන් ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන් දෙහිවල ගල්කිස්සේ වටින් ඉඩම් ගත්තා වගේ තමයි.. වරෙල්ලා ඡන්දෙ ඉල්ලගෙන... දෙන්න දෙගොල්ලන්ටම...
යහපාල ඉදිරියේදී චෝදනා රැසකට චූදිතයෙකු වීම වළක්වන්න බැහැ. නීති විරෝධීව තම බලය පාවිච්චි කරමින් රාජකාරියේ යෙදවීමෙන් තිබෙන චෝදනා වලට තවත් චෝදනාවක් තමයි එක්කර ගත්තේ්...
ජනාධිපති කොතැනද හිටියේ කියලා තේරෙනවා. එජාප ඡන්ද අරගෙන මහින්දට කඩේයනවා. එයා නිසා තමයි හොරු රැකුණේ..