(විමුක්ති එස් රුද්‍රිගු)
හම්බන්තොට වරායට පිවිසීමට අවසර ලැබෙන තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටින යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාවට අගෝස්තු 16 වෙනිදා හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
හම්බන්තොට වරායේ හාර්බර් මාස්ටර් යුවාන් වැන්ග් 5 නෞකාවට හම්බන්තොට වාරයේ නැංගුරම් ලෑමට අවසර ලබාදී නොමැති බව දිගින් දිගටම ප්‍රකාශ කළත් එම නෞකාව අගෝස්තු 16 වෙනි දින හම්බන්තොට වරායට පැමිණීමට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් ඉකොනොමිස්ට් ටයිම්ස් පුවත්පත පෙන්වා දුන්නේය.
යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට නාවික සැතැපුම් 600 ක් පමණ දුරින් පැයට නාවික සැතපුම් 5.8 ක වේගයෙන් තම ගමන් මාර්ගයෙන් පිට පනිමින් නැවතත් ගමන් මාර්ගයට පැමිණෙමින් නැවතත් පිට පනිමින් යාත්‍රා කරන බව මැරිටයිම් වෙබ් අඩවි දත්ත පෙන්නුම් කළේය.
අගෝස්තු 16 හම්බන්තොට වරායට පැමිණීමට යුවාන් වැන්ග් 5 නෞකාවට අවසර ලබා දී ඇතැයි ලෙස පළවන වාර්තා පිළිබඳ දැනුවත් මුත් ඒ පිළිබඳ තහවුරු කිරීමක් මේ අවස්ථාවේ කළ නොහැකි බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලේ වගේ රනිල් පොරක් බව පෙන්වීමට හදපු ෂෝ එකක් ද මේ
ඩොලර් මිලියන 68යි. වන්දි ගෙවලා අසූචි පොහොර නැවක් හරවලා යැව්වා. ඒකට හිලව් වෙන්න කියලා පොහොර ටික මේ නැවේ එව්වා නම් ඉන්දියාව ශේප් කරගන්න තිබ්බා.