IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


යාලේ මාර්ග කීපයක් යළි අරියි

(අංජුල මහික වීරරත්න)

යාල වනෝද්‍යානයේ මාර්ග කිහිපයක් අද (5) දහවල් සිට යළි විවෘත කළ බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් දින වල පැවැති  අධික වර්ෂාව නිසා යාල වනෝද්‍යානය මාර්තු 1 දා සිට සංචාරකයන් සඳහා තාවකාලිකව වසා දැමීමට තීරණය කෙරිණි.

මාර්ග කිහිපයක් විවෘත කෙරුණද වැසි තත්ත්වය හමුවේ අබලන් තත්ත්වයට පත්විය හැකි මාර්ග තවදුරටත් වසා තැබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මාර්ග කිහිපයක් විවෘත කළ ද යාල වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශවලට ඉතිරියට ලැබෙන වර්ෂාපතනය අනුව මාර්ග විවෘත කිරීමේ තීරණය  සම්බන්ධව යම් වෙනසක් සිදුවිය හැකි බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධික වැසි නිසා යාල වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යට වීම මෙන්ම වනෝද්‍යානයේ වැව් ඉවුරු  කිහිපයක් කැඩී යාමේ අවදානම නිසා යාල වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබිණි.



අදහස් (0)

යාලේ මාර්ග කීපයක් යළි අරියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 793 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2447 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site