(අංජුල මහික වීරරත්න)
මෙවර යල කන්නයේ දී ගොවීන්ට යූරියා ,බණ්ඩි පොහොර හෝ ගොවීන්ගේ අභිමතය පරිදි කාබනික පොහොර මිලදී ගැනීම සඳහා වවුචරයක් නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාවට මුදල් කමිටුවේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
යල කන්නයේ දී යූරියා සහ බණ්ඩි පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් සහ හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් බැගින් සහනාධාර මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත. මේ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 11කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පෝර හදන්න ගොඩක් අමාරුද මහින්ද අමරවීර... කැබිනට් පත්‍රිකා දාන එක, සල්ලි බෙදන එක හරිම ලේසි වැඩ. ලංකාවේ පෝර ෆැක්ටරියක් දාන්න...
පොඩි මිනිහාගේ දේ ලොකුකර පෙන්වන්න ඒකකය වෙනස් කර පෙන්වනවා. ගොවියන් ලාස්, පෑල්, බුසල්, අක්කරවලින් තම ඉඩම් මනින්නේ... හෙක්ටයාරයක් යනු අක්. 2.5කි. ඒ අනුව අක්කරයට දී ඇත්තේ රු. 8000කි. ඒකට මුලු කුඹුරටම මෙයා බණ්ඩි පොහොර දෙනවද? මොවුන්ට ඡන්දෙ දුන්නු හිතේ දුකට ගල් බෝතලයයි, බියර් දෙකයි ඇරන් ආණ්ඩුවේ අම්මා මුත්තා යන්න බනිනwa ඇති...