
(නිමල කොඩිතුවක්කු සහ යොහාන් භාසුර)
කොළඹ කොටුව සිට අනුරාධපුර බලා ධාවනය වූ යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය ඔරුගොවත්ත ප්‍රදේශයේදී පීලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම් මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදවීමක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ත්‍රිත්ව මාර්ගයකින් යුතු මෙම ප්‍රදේශයේ තෙවන මාර්ගයේ ගමන් ගත් මෙම දුම්රිය දෙවන මාර්ගයට මාරු කිරීමට යාමේදී මෙසේ පීලි පැන ඇත.
මේ හේතුවෙන් දුම්රිය දෙවන හා තෙවන දුම්රිය මාර්ගවල ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වි ඇත. තනි මර්ගයක දුම්රිය ධාවනය කරවීම නිසා කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ දැඩි අපහසුතාවයට පත් වූහ.
ඡායාරූප යොහාන් භාසුර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd