
(අංජුල මහික වීරරත්න)
2023 යල කන්නයේ වී හා වෙනත් අතිරේක බෝග වගාව සඳහා මාර්තු 20 දින සිට අප්‍රේල් මස 20 දින දක්වා වාරිමාර්ග, මහවැලි හා සුළු වාරිමාර්ග යටතේ ජලය නිකුත් කිරීමට හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.
දැනට මහවැලි, වාරිමාර්ග හා සුළු වාරිමාර්ග යටතේ පවතින ජලාශ වල පවතින ජල ධාරිතාවය සියයට 77ක් වන අතර සියයට 66ක් දක්වා වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීමට සූදානම් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.
දැනට පවතින ජල පහසුකම් යටතේ වී වගාව සියයට 75ක් හා අතිරේක බෝග වගාව සියයට 25ක් වශයෙන් ජල සැපයුම් ලබා දීමට තීරණය කරනු ලැබීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. බී. හේරත්, කාදර් මස්තාන්, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, හා ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා සියලු දිස්ත්‍රික් ගොවි නියෝජිතවරුන්ගේ සහභාගීත්වයෙන් යල කන්නයේ වගා කටයුතු පිළිබඳ සාකච්ඡාවකදී මෙම තීරණ වලට එළැඹ තිබේ.
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යල කන්නයේ වතුර දෙන දින දෙයි