IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


යල කන්නයේ වී මිල නියම කරයි

(අංජුල මහික වීරරත්න)

වී අලෙවි මණ්ඩලය විසින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමෙි දී   වී කිලෝවකට උපරිම මිලක් ලබා නියම කර තිබෙි.

ඒ අනුව නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 120ක්, සම්බා හා කැකුළු වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිල දී ගැනීමට තීරණය කළ බව  අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වී අලෙවි මණ්ඩලය සතු මුදල් යොදා ගනිමින් වී මිලදී ගැනීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. 

වී අලෙවි මණ්ඩලය  වී මිල දී ගැනීමට අමතරව සහල් වෙළෙඳ පොළට සැපයීමේ කටයුත්ත සඳහා ද පිවිසීමට  තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

 මෙවර යල කන්නයේ වගා කරන ලද වී අස්වැන්නෙන් වී මිල දී ගැනීමට අදාලව රැස් වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මිල කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ.

යල කන්නයේ වී අස්වැන්න මිල දී ගැනීමේ දී  ගොවි ජනතාවට ඉහළ මිලක් ලබා දීමත් සහල් නිස්පාදනය සඳහා වී අලෙවි මණ්ඩලය ඉදිරිපත් වීම මගින් වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා දායකත්වය ලබා දීමත් මෙහි අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (3)

යල කන්නයේ වී මිල නියම කරයි

ගොවිරාළ Thursday, 04 August 2022 05:03 PM

අපි හිතනවා මහ කන්නයෙ කුඹුරක් වැඩ කරන්න නමුත් මඩවන්න හරක් සොයා ගන්න බැහැ හාන්න ට්‍රැක්ටර් වලට ඉන්ධන නැහැ .මිලත් වැඩියි වැඩ කරනවා නම් මේ මාසයේ පටන්ගන්න වෙනවා මොනවා කරන්නද තේරුම් ගන්න බැහැ .

:       0       1

පුරවැසියා..... Thursday, 04 August 2022 08:30 PM

ගොවියා ගැන පමනක් නොසිතා පාරිභෝගික ජනතාවට දරාගත හැකි මිලට සහල් ලබාදීමට රජය පියවර ගත යුතුය. සහල් කිලෝවක මිල රුපියල් එකසිය ගණනකටවත් ගෙන ආ යුතුය.

:       0       1

Nishantha Kirindigala Thursday, 04 August 2022 10:33 PM

එහකොට හාල් මිල කිය්යද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1071 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site