
(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලය විසින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමෙි දී වී කිලෝවකට උපරිම මිලක් ලබා නියම කර තිබෙි.
ඒ අනුව නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 120ක්, සම්බා හා කැකුළු වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිල දී ගැනීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
වී අලෙවි මණ්ඩලය සතු මුදල් යොදා ගනිමින් වී මිලදී ගැනීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීමට අමතරව සහල් වෙළෙඳ පොළට සැපයීමේ කටයුත්ත සඳහා ද පිවිසීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
මෙවර යල කන්නයේ වගා කරන ලද වී අස්වැන්නෙන් වී මිල දී ගැනීමට අදාලව රැස් වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මිල කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ.
යල කන්නයේ වී අස්වැන්න මිල දී ගැනීමේ දී ගොවි ජනතාවට ඉහළ මිලක් ලබා දීමත් සහල් නිස්පාදනය සඳහා වී අලෙවි මණ්ඩලය ඉදිරිපත් වීම මගින් වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා දායකත්වය ලබා දීමත් මෙහි අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතනවා මහ කන්නයෙ කුඹුරක් වැඩ කරන්න නමුත් මඩවන්න හරක් සොයා ගන්න බැහැ හාන්න ට්‍රැක්ටර් වලට ඉන්ධන නැහැ .මිලත් වැඩියි වැඩ කරනවා නම් මේ මාසයේ පටන්ගන්න වෙනවා මොනවා කරන්නද තේරුම් ගන්න බැහැ .
ගොවියා ගැන පමනක් නොසිතා පාරිභෝගික ජනතාවට දරාගත හැකි මිලට සහල් ලබාදීමට රජය පියවර ගත යුතුය. සහල් කිලෝවක මිල රුපියල් එකසිය ගණනකටවත් ගෙන ආ යුතුය.
එහකොට හාල් මිල කිය්යද