(යොහාන් භාසුර)

ලෝක බැංකු ආධාර යටතේ යූරියා ආනයනය සඳහා කළ ටෙන්ඩර් ක්‍රියාවලියේදී වැඩි ලංසුවක් ඉදිරිපත් කළ සමාගමකට ටෙන්ඩරය ලබාදීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 690 ක අලාභයක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා ගල්ෆ් වෙළෙඳ හා ආයෝජන මණ්ඩලයේ සභාපති මොහාන් පෙරේරා මහතා  පැවසීය.

යූරියා මෙටි්‍රක්ටොන් එකක් සඳහා ඇමරිකානු ඩොලර් 595 ක ලංසුවක් ඉදිරිපත් කළ එක්සත් අරාබි එමිර් රාජයයේ සමාගමට අදාල ටෙන්ඩරය නොදී වෙනත් සමාගමකට එය ලබාදී ඇති බවත් ඩොලර් එක්දහස් ගාණකට ටෙන්ඩර් ඉදිරිපත්කළ සමාගම ඩොලර් 850 කට සැපයීමට එකඟ වී තිබුණත් අවසන් ටෙන්ඩර්කරු සමඟ සංසන්දනය කිරීමේදී ඩොලර් මිලියන 40 ක පරතයක් ඇති බවත් මොහාන් පෙරේරා මහතා කීය.

මීට මාස තුනකට එනම් රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය ආරම්භ වීමට පෙර යුක්රේනයෙන් මිලදී ගෙන වෙනත් රටකට මාරු කර තිබෙන තොගය නිෂ්පාදන සහතිකයෙන් තොරව පැරණි මිලට සැපයිය හැකි බව ‘ෆැල්කෝ’ සමාගම ප්‍රකාශ කළ බවත් නමුත් සියලුම සහතික සමඟ අවශ්‍ය නම් ඕමානය සහ තර්මිනිස්තානය හරහා මෙටි්‍රක්ටොන් එක්ක ඩොලර් 695 කට ලබාදිය හැකි යැයි පැවසූ බවත් මොහාන් පෙරේරා මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට යූරියා මිටියක් සියලු බදු සමඟ රුපියල් 13,000 කට සැපයීමේ හැකියාව ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් කීය. කොළඹදී අද (19) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මොහාන් පෙරේරා මහතා එසේ පැවසීය.