
(අංජුල මහික වීරරත්න)
යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 65,000 ක් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 55 ක් ලබා ගැනීම සඳහා වන ගිවිසුමකට මුදල් අමාත්‍යංශය සහ ඉන්දීය එක්සිම් බැංකුව අද අත්සන් කළේය.
යල කන්නයේ යූරියා පොහොර ඉල්ලුම සපුරාලීම සඳහා යූරියා මෙට්‍රික් ටොන් 65,000 ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයෙන් ණය පහසුකම් ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, ඉන්දියාවෙන් යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 55 ක ඩොලර් ණයක් පිරිනැමීමට ඉන්දීය රජය එකඟ විය.
එම ගිවිසුම අත්සන් කිරීමෙි අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බග්ලේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහත්වරුද සහභාගී වූහ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් එම්.සිරිවර්ධන ඉන්දීය එක්සිම් බැංකුවේ සාමාන්‍යාධිකාරී නිර්මිත් නරේන්ද්‍ර වෙඩ් මහත්වරුන් අත්සන් තැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එහෙම කරන්න එපා.. දැන් කාබනික ආහාර බඩ පැලෙන්න කාලාම රසායනික පොහොර දාලා නිෂ්පාදනය කරන ආහාර ඇලජික් වෙලා. අක්‍රිය වෙලා තිබුණු වකුගඩුවත් යන්තම් සුවවුණා විතරයි. ඒ වුණාට ඉතින් ඉන්දියාවෙන් පිනට ලැබෙන පොහොර නිසා ලොකු අවුලක් වෙන එකක් නැහැ නේද..?