( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව තුළ සාමය සහ ස්ථාවාරත්වය ගොඩනැංවීම සඳහා ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය පල කිරීම සඳහා යුරෝපා සංගමය විසින් යුරෝ මිලියන 8.5ක් ලබාදීමට තීරණය කර තිබේ.
මෙරට ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම, ප්‍රජා ප්‍රතිරෝධය ගොඩනැගීම, අභ්‍යන්තර අවතැන්වූවන් සහ සරණාගතයින්ට නැවත සිය භූමි වෙත පැමිණීමට අවශ්‍ය දායකත්වය ලබාදීම යන ක්‍රියාමාර්ග සඳහා මෙම ආධාර දීමට එම සංගමය පියවර ගෙන ඇත.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ යුරෝපා සංගයේ උප සභාපති ෆෙඩ්රිකා මොගෙරනී අතර මේ මස මුල පැවති සාකච්ඡාවකින් පසුව මෙම ආධාර මුදල ලබාදීමට තීරණය කළ බවද යුරෝපා සංගමය කියා සිටී.
පාස්කු ඉරුදින ප්‍රහාරය වැනි ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීම සහ අදාළ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම වැනි අභියෝගවලට ශ්‍රී ලංකාව මුහණ දී සිටින බව යුරෝපා සංගමය පවසයි.
එම නිසා යුරෝපා කොමිසම විසින් යුරෝ මිලියන 8.5 ක් මූලික අරමුණු 3ක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමය හා ස්ථාවරත්වය කෙසේ වෙතත් මොනවා හරි අවුලක් කරන්නද දන්නේ නැහැ මේ අරමුදල් දෙන්න හදන්නේ?
ඡන්ද ව්‍යාපාරයට අාධාර පිණිස යි!
සල්ලි දෙන්නෙ නිකම්ම වෙන්නැති ...