
(යොහාන් භාසුර)
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ පවතින දේශපාලන තත්වය පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම මෙන්ම මැතිවරණ කල්දැමීම පිළිබඳව එහිදී අවදානය යොමු කළ බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවදානයට යොමුකළ බවත් දෙපාර්ශ්වය අතර සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳවද අවධානය යොමු කළ බවත් ඒ මහතා කීය.
මෙම හමුවට යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නියෝජ්‍ය ප්‍රධානි ලාර්ස් බ්‍රෙඩාල් සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් යන මහත්වරු ද එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැල්ල දැන් නවත්වන්න බැ. ආසන 3 ට ඇයි මෙච්චර භය? පීඩිත ජනතාවට දැනට ඉතුරුවෙලා තියෙන්නේ මාලිමාව විතරයි.
අධිරාජ්‍යවාදීන් සමග කුමන්ත්‍රනයක්...
ඉබ්බෙක් යන ඉහලක්. ආය නම් බස් ගිනිතියල ට්‍රාන්ස්පෝපෝමර් පුපරුවන එකක් නැහැ.
නව පුනරුදයකට ලංකාව ඔසවා තබන්නට සමත් අනාගත ජනපතිට ජාත්‍යන්තරයේ සහයෝගය නොඅඩුව ලැබෙන බව නිසැකයි.
මාලිමාව ඉදිරි මැතිවරණ අනිවාර්යයෙන් ජය ගන්නා බව ලොවම අවබෝධ කරගෙන ඉවරයි
ආපසු යනගමන් සජබේ ඔෆිස් එකටත් ගොඩවෙලා ගියා නම් නේද හොඳ? සජිත් පව්...!
ජය වේවා.
මීළඟ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඔබට සුභ පතනවා. ඔබ අපේ රට ලෝකයේ හොඳම රට බවට පත් කරන බව අපි විශ්වාස කරමු. ස්තුතියි
මෙයා කොහොමද මේ අය එක්ක ඉංග්‍රීසියෙන් කතාකෙරුවේ ?
අනේ මටත් මේ අයත් එක්ක සාකච්චාවක් කරන්න දෙන්නකෝ
Office එක දැක්කම පිලිවෙලකට වැඩක් කරන මිනිස්සු කියල මේ යුරෝපා ජාතිකයන්ට තේරෙනවා.
ඔව් ඔව් ඒ සොයාගෙන යන ගමන් මගෙනුත් ඇහුවා අනුරගේ ගෙදරට යන පාර. මම කිව්ව හූවේ දුර නියර දිගේ හැතක්ම භාගයක් ගියාම ඒ දණ්ඩක් හම්බ වෙනවා. ඒකෙන් ගොඩ වුණාම තියන ගෙදර කියලා. මෑන් ටයි, කෝට් ඇඳලා ගත්තු විශාල පොටෝ එකක් ගේ ඉස්සරහාම ගහලා තිබෙනවා කියලා...