IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යුරෝපා සංගමයත් අනුර සොයා එයි

(යොහාන් භාසුර)

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ පවතින දේශපාලන තත්වය පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම මෙන්ම මැතිවරණ කල්දැමීම පිළිබඳව එහිදී අවදානය යොමු කළ බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය  පිළිබඳ  පනත  පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවදානයට යොමුකළ බවත් දෙපාර්ශ්වය අතර සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳවද අවධානය යොමු කළ බවත් ඒ මහතා කීය.

මෙම හමුවට යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නියෝජ්‍ය ප්‍රධානි ලාර්ස් බ්‍රෙඩාල් සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් යන මහත්වරු ද එක්ව සිටියහ.



අදහස් (14)

යුරෝපා සංගමයත් අනුර සොයා එයි

MMSB Tuesday, 13 February 2024 04:13 PM

රැල්ල දැන් නවත්වන්න බැ. ආසන 3 ට ඇයි මෙච්චර භය? පීඩිත ජනතාවට දැනට ඉතුරුවෙලා තියෙන්නේ මාලිමාව විතරයි.

:       31       131

සාලිය​ Tuesday, 13 February 2024 04:17 PM

අධිරාජ්‍යවාදීන් සමග කුමන්ත්‍රනයක්...

:       110       36

Dasa PTuesday, 13 February 2024 06:43 PM

ලෙමන් පෆ් කන්න කාලෙ හරි...!

:       0       1

නිමල් Tuesday, 13 February 2024 04:24 PM

ඉබ්බෙක් යන ඉහලක්. ආය නම් බස් ගිනිතියල ට්‍රාන්ස්පෝපෝමර් පුපරුවන එකක් නැහැ.

:       0       0

Kumara Tuesday, 13 February 2024 04:31 PM

නව පුනරුදයකට ලංකාව ඔසවා තබන්නට සමත් අනාගත ජනපතිට ජාත්‍යන්තරයේ සහයෝගය නොඅඩුව ලැබෙන බව නිසැකයි.

:       0       0

Sanath Tuesday, 13 February 2024 04:33 PM

මාලිමාව ඉදිරි මැතිවරණ අනිවාර්යයෙන් ජය ගන්නා බව ලොවම අවබෝධ කරගෙන ඉවරයි

:       0       0

G. K. Ekanayake Tuesday, 13 February 2024 07:51 PM

ආපසු යනගමන් සජබේ ඔෆිස් එකටත් ගොඩවෙලා ගියා නම් නේද හොඳ? සජිත් පව්...!

:       3       2

සල්ලි Tuesday, 13 February 2024 10:41 PM

ජය වේවා.

:       2       4

Srinath priyantha Tuesday, 13 February 2024 11:22 PM

මීළඟ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඔබට සුභ පතනවා. ඔබ අපේ රට ලෝකයේ හොඳම රට බවට පත් කරන බව අපි විශ්වාස කරමු. ස්තුතියි

:       2       5

Lansa Wednesday, 14 February 2024 03:43 AM

මෙයා කොහොමද මේ අය එක්ක ඉංග්‍රීසියෙන් කතාකෙරුවේ ?

:       4       4

Bamunuarachchi Wednesday, 14 February 2024 04:37 PM

ඒ ගොල්ලෝ සිංහලෙන් කථා කෙරුවා...

:       2       2

Sajith Wednesday, 14 February 2024 03:50 AM

අනේ මටත් මේ අයත් එක්ක සාකච්චාවක් කරන්න දෙන්නකෝ

:       2       0

AKD forever Wednesday, 14 February 2024 11:01 AM

Office එක දැක්කම පිලිවෙලකට වැඩක් කරන මිනිස්සු කියල මේ යුරෝපා ජාතිකයන්ට තේරෙනවා.

:       3       3

Bamunuarachchi Wednesday, 14 February 2024 04:45 PM

ඔව් ඔව් ඒ සොයාගෙන යන ගමන් මගෙනුත් ඇහුවා අනුරගේ ගෙදරට යන පාර. මම කිව්ව හූවේ දුර නියර දිගේ හැතක්ම භාගයක් ගියාම ඒ දණ්ඩක් හම්බ වෙනවා. ඒකෙන් ගොඩ වුණාම තියන ගෙදර කියලා. මෑන් ටයි, කෝට් ඇඳලා ගත්තු විශාල පොටෝ එකක් ගේ ඉස්සරහාම ගහලා තිබෙනවා කියලා...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site